ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු අතර ගුවන් හමුදාපතිධූරයට පැවැති තරගය අතරතුරදී, තමන්ට අදාළ රහස්‍ය ලියකියවිලි කිහිපයක් මාධ්‍යවේදීන් අතට පත්වූයේ කෙසේද යන්න සොයා බැලීමය.
මේ සඳහා තමන්ට විශ්වාසවන්ත ඉහළ නිලධාරීන් දෙදෙනකුට පවරා ඇති බවත්, අදාළ ලියකියවිලි පිටතට ගියේ කෙසේද යන්න කඩිනමින් තමන්ට දැනුම් දෙන ලෙස ඔවුන්ට දන්වා ඇති බවත් ගුවන් හමුදාවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගගන් බුලත්සිංහල මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සමඟ පැවැත්වූ රහසිගත සම්බන්ධතා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් අවභාවිතාවේ යෙදවීම ඇතුළු කරුණු රැසක් අදාළ ලියකියවිලි මඟින් හෙළිදරව් කෙරිණි.