News Items (18842)
පනත විවාදයට ගෙන පුද්ගලික අංශයේ සේවකයන්ට සාධාරණය ඉටු කරන්න-පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති(photos)
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පනතක් සම්මත කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු නොකළ නිසා වෘත්තීය සමිතිවලද දායකත්වයෙන් සකස් කල පනත් කෙටුම්පතක් අජිත් කුමාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එය විවාදයට නොගෙන ප‍්‍රමාද කර අතහැර දමන කුමන්ත‍්‍රණයක් කැබිනට් මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක වන බව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති පවසයි.
කොළඹ නගරයේ පදික වේදිකා අසූචිවලින් පිරී ඇති බව විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පල කර තිබේ. විශේෂයෙන්ම එම සොයා ගැනීම අනුව යාචයන් විසින් කොළඹ පදික වේදිකා වැසිකිලි කැසිකිලි ලෙස යොදාගෙන ඇත.
ඊලාම් දේශය වෙනුවෙන් එල්ටීටීඊය කරන්නේ සදාතනික අරගලයක්- ගෝඨා
ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත කළ වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
යම් පුද්ගලයෙකුට යවන්න අවශ්‍ය email එකක් වැරදීමකින් වෙනත් කෙනෙකුට යැවීමේ ලැජ්ජාව ඔබ කවදා හෝ අත්විඳලා තියෙනවද? මම හිතන්නෙ ඒ අත්දැකීම අපි හැමෝටම තියෙනවා.
රාඩා මූල්‍ය පරිපාලන අධ්යක්ෂ ලබන 08 දක්වා රිමාන්ඩ්(update)
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය අද(24) නියෝග කළේය.
විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ලබන ජූලි මස සිට විශ්‍රාමිකයින්ට ලබා දීමට කටයුතු සලසා අැත.
සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාඩා ආයතනයේ හිටපු ගණකාධීකාරීවරයෙකු වූ ජයන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක් ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක් ද, එච්අයිවී ඒඩ්ස් වෛරසයට ගොදුරු වී ඇතැයි ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
පාකිස්ථානය තුල අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය ගණන 700 දක්වා ඉහල නැගීම හේතුවෙන් අගමැති නවාස් ෂරීෆ් එරට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ප්‍රවිශ්ටය
ගාමිණී විජේතුංග පරිවර්තනය කළ මිලාන් කුන්දේරාගේ ‘‘Unbearable Lightness of Being’’ (1998 දී මෙ’නමින් ම සිනමා නිර්මාණයක් ද තිරගතවිය) කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘පියාපතක්වන් ජීවිතයක්’’ කෘතිය නිකුත් වූ පසු මා එය කියවීමි. විවිධ ස්ථානයන්හි දී හමුවන හිතමිත්‍රයන් සමග සාහිත්‍යය පිළිබඳ කෙරෙන කතාබහේ දී මා එක්තරා පුද්ගලයකුගෙන් (ඔහු එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාධරයෙකි) අදාළ කෘතිය පිළිබඳ විමසුවෙමි. ඔහු එකපැහැර මා වෙත සැපයූ පිළිතුර වූයේ ‘‘අපෝ ඒක මේ ගැනූයි මිනිස්සුයි හු#න එක ගැන ලියවුණ පොතක්නෙ’’ යනුවෙනි.
