ලොකුම පෝසතාට රනිල් ලංකාවට එන්න කියයි

Published in පුවත්
Tuesday, 23 June 2015 17:51

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබලන ලෙස ලොව අංක එකේ ව්‍යාපාරිකයෙක් ලෙස සැළකෙන වර්ජින් සමූහ ව්‍යාපාරයේ අයිතිකරු රිචර්ඩ් බ්‍රැන්සන්ට ආරාධනා කොට තිබේ.

පසුගිය සතියේ රිචර්ඩ් බ්‍රැන්සන්ට දුරකථනයෙන් අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය සිදු කර ඇත.

අගමැතිවරයා සහ රිචඩ් බ්‍රැන්සන් අතර සම්බන්ධතාවය සඳහා පහසුකම් සලසා ඇත්තේ බ්‍රැන්සන් සමඟ සමීපව කටයුතු කරන තරුණ ව්‍යවසායෙක් බව වාර්තා වේ.

රිචඩ් බ්‍රැන්සන් ලෝකය පුරා  ජනප්‍රියව ඇත්තේ අංක එකේ ව්‍යාපාරිකයෙක් ලෙස වගේම පරිත්‍යාගශීලියෙක් ලෙසයි.

ඔහු සමාගම් 400ක පමණ හිමිකාරීත්වය දරනු ලබනවා. ෆොර්බ්ස් සඟරාව සිදුකළ සමීක්ෂණයකට අනුව රිචඩ් 2014 වර්ෂයේදී ලොව ධනවත්ම පුදගලයන් අතරින් හත්වන ස්ථානයට පත්ව තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us