ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකාවේ සංචාරයක!

Published in පුවත්
Tuesday, 23 June 2015 17:11

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඇන්තනි චාල්ස් ලින්ටන් බ්ලෙයාර් නොහොත් ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම සංචාරය ලබන අගෝස්තු මස දී සිදුවීමට නියමිතව ඇති අතර ඒ සඳහා ටෝනි බ්ලෙයාර් මහතාගේ දයාබර බිරිඳ බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ බැරිස්ටර්වරියක් වන චෙරී බ්ලෙයාර් මහත්මියද සහභාගි වීමට නියමිත වේ.

මේ වන විට එක්සත් රාජධානියේ වැඩබලන මහකොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා පසුගියදා චෙරී බ්ලෙයාර් මහත්මියගේ පෞද්ගලික ආරාධනයක් මත ටෝනි බ්ලෙයාර් මහතා හමුවී ඇති අතර එහිදී ආචාර්ය තල්පහේවා මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනය මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයාට පිලිගන්වා ඇත.

lankanewsweb

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us