පනත විවාදයට ගෙන පුද්ගලික අංශයේ සේවකයන්ට සාධාරණය ඉටු කරන්න-පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති(photos)

Published in පුවත්
Wednesday, 24 June 2015 12:00

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පනතක් සම්මත කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු නොකළ නිසා වෘත්තීය සමිතිවලද දායකත්වයෙන් සකස් කල පනත් කෙටුම්පතක් අජිත් කුමාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එය විවාදයට නොගෙන ප‍්‍රමාද කර අතහැර දමන කුමන්ත‍්‍රණයක් කැබිනට් මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක වන බව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති පවසයි.

පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් ඊයේ (23) සමාජ හා සාමයික කේන්ද්‍රයේදී (CSR) පැවැත්වුණි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර විසින් සිදුකළ අතර කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෛද්‍ය රණසිංහ ද ඊට සහභාගී විය.

මෙහිදී නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පැවසූයේ පසුගිය අතුරු අයවැයෙන් පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩිකරන්න කියා ජනාධිපතිවරයා හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළත් සේවකයන්ගේ ඉල්ලීම වූයේ රුපියල් 5,000ක පඩි වැඩි කිරීමක් බවයි. නීතියකටවත් ක්‍රියාත්මක නොවන හාම්පුතුන් සිටින රටක ඉල්ලීමක් කළා කියලා ක්‍රියාත්මක නොවන නිසා රු 2,500 වැටුප් වැඩිවීම පුද්ගලික අංශයේ සේවකයින්ට නෙලැබුණු බව පැවසුවේය. ඒ නිසා පනතක් මාර්ගයෙන් මේක නීතිගත කරලා ක්‍රියාත්මක කරන්න යනුවෙන් දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කළ බව ඔහු පැවසුවේය.

'ඒ නිසා අපි දිගින්දිගටම උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් බලපෑම් කළා. ඒ තත්ත්වය නිසා තමයි පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පනතක් ගෙන්න කියලා, අප්‍රේල් 07 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩවට සිදුවුණේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. දිගින් දිගටම කරපු අපේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට අප්‍රේල් 06 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් දුන්නා.
ඒ සාකච්ඡාවෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රුපියල් 2,500 පඩි වැඩිකිරීම දෙපාරකට කරන්නම්, පළවෙනි පාරට 1,500ක පඩි වැඩිකිරීමක් කරන්නම් කියලා. අපි කිව්වා අපි ඒකට විරුද්ධයි, අපි ඉල්ලුවෙ රුපියල් 5,000ක පඩි වැඩි කිරීමක්, නමුත් ඔබතුමාලා දුන්නේ රුපියල් 2,500ක පඩි වැඩිකිරීමක් ඒකත් රුපියල් 1,500 දක්වා අඩුකරනවාට අපි විරුද්ධයි කියලා. කොහොම වුණත් අපේ විරුද්ධත්වය නොතකාම පාර්ලිමේන්තුවට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කළේ රුපියල් 40,000ට අඩු වැටුප් ලබන අයට පියවර දෙකකින් වැටුප් වැඩිකිරීමටත්, සාමූහික ගිවිසුම් මගින් වැටුප් වැඩිකරපු අයට ඒ අඩුකිරීම් කරන්නත් කියන කොන්දේසි යටතේ. පහුගිය මැයි පළවෙනිදා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේදී ලොකුවට ප්‍රකාශ කළ මැයි පළවෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් අද වෙන තුරු පුද්ගලික අංශයේ සේවකයින්ට මේ වැටුප් වැඩිකිරීම ලැබිලා නෑ.

ඒ නිසා අපි පනතක් ගේන්න කියලා දිගින් දිගටම බලපෑම් කළා. නමුත් අපිට පේනවා මේ පනත ගේන එක හාම්පුතුන් විසින් වලක්වලා තියෙනවා කියලා. හාම්පුතුන් මේ උත්සාහ කරන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ගේ අද තියෙන රුපියල් 9,400ක් වන අවම වැටුප ඒ ගණනේම තියාගන්න. මීට පෙර පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න 1978 අයවැය සහන දීමනා පනත හා 2005 අයවැය සහන දීමනා පනත විදියට මේ රටේ පනත් දෙකක් ගෙනත් තියෙනවා. ඒ නිසා පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න ආණ්ඩුවට බෑ කියලා හාම්පුතුන්ට කියන්න බෑ.

මේ තත්ත්වයන් යටතේ අපේ සංගමය තීරණයක් අරගෙන පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩි කිරීම සඳහා පනත් කෙටුම් පතක් අපි සකස් කෙරුවා. ඒක අපි සියළුම මන්ත්‍රීවරුන්ට යවලා ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවේ තියෙන බලතල අනුව පුද්ගලික පනතක් විදියට මේක ගේන්න කියලා. අජිත් කුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් වුණා, මේක පුද්ගලික පනතක් විදියට ගේන්න සූදානම් කියලා. අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ අනුව අපි අජිත් කුමාර මන්ත්‍රීතුමා එක්ක සාකච්ඡා කරලා දිගින් දිගටම මේ පිළිබඳව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේකට අදාල ගැසට් නිවේදනය ජුනි පළවෙනිදා නිකුත් කරලා තියෙන්නේ.


දැන් මේ පනත් කෙටුම්පත සම්මත කරවා ගැනීම සඳහා වෘත්තීය සමිතියක් විදියට අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට සූදානමින් ඉන්නවා. ඒ අනුව අපි මේ ගැසට් පත්‍රය සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරලා ඉල්ලීමක් කළා මේ පනත සම්මත කිරීමට ඔබගේ ඡන්දය ලබාදෙන්න කියලා. අජිත් කුමාර මන්ත්‍රීතුමා දැනුම් දුන්නා අද හවස රැස්වෙන පාර්ලිමේන්තුවේදී මේක සභාගත කරනවා කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සියළුම පක්ෂ නායකයින් සමඟ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ කම්කරුවාගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ගැන කිසියම් මන්ත්‍රීවරයෙක් උනන්දුවක් දක්වනවානම් දැන් මෙන්න අවස්ථාව තියෙනවා මැදිහත්වෙලා මේ පනත සම්මත කරන්න කටයුතු කරන්න.

නමුත් මේ පනත හිතා මතා ප්‍රමාද කරලා ඒ අතරතුර පාර්ලිමේන්තුව විසුරවා හරින්න කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අපිට පේනවා. මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා හාම්පුතුන්, සේවායෝජකයින්, සමාගම් හිමියන්, ඔවුන්ට සම්බන්ධකම් තියෙන මන්ත්‍රීවරුන්. ඒ අයට වුවමනාව තියෙනවා මේක පාරිලිමේන්තුව විසරවීමට පෙර ගේන්නෙ නැතුව හුදෙක් ඉල්ලීමක් පමණක් කරලා පවත්වාගෙන යාමට. ඒ නිසා මේක ක්‍රියාත්මක කරගැනීම සඳහා අපි පුද්ගලික අංශයේ සේවකයින්ව වහ වහ පෙළගස්වනවා. අපි පක්ෂ නායකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්දීලා තියෙනවා. පුද්ගලික අංශයේ සියළුම වෘත්තීය සමිති මේ වෙනුවෙන් පෙළගැස්සවීමට අපි පියවර අරගෙන තියෙනවා. පුද්ගලික අංශයේ සේවකයින් සියළුදෙනාම ජූලි මාසේ 05වෙනිදා කොළඹ විහාරමහා දේවී උද්‍යානයට කැඳවන්න අපි කටයුතු කරනවා. එහිදී තම ප්‍රදේශයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පනත සම්මත කිරීමට ඡන්දය පාවිච්චි කරන්න කියලා බලපෑම් කරන්න අපි තීරණයක් ගන්නවා. මේ පනත සම්මත කිරීමට ඡන්දය නොදීමට කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හේතුවක් තියෙන්න බෑ. ඒ වගේම මේ පනත සම්මත කරගැනීමට කටයුතු නොකරන කිසිම මන්ත්‍රීවරයෙකුට ලඟ එන මැතිවරණයේදී ඡන්දය දෙන්න එපා කියලා අපි අසූ ලක්ෂයක් වන පුද්ගලික අංශයේ සේවකයින්ව පෙළ ගස්වනවා.'

මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පැවසුවේ වැඩකරන ජනතාවට සැබෑ ලෙසම වගකීම ඉෂ්ඨ කරන්නේ කව්ද කියලා බලාගන්න දැන් රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ලැබී අැති බවයි.

'දැන් ආණ්ඩුවට නීති කෙටුම්පත් යව යව පනත් හද හදා ඉන්න ඕනෙ නෑ, පනත හදලා තියෙන්නේ. වෘත්තීය සමිති ව්‍යාපාරය පනත හදලා තියෙනවා, ඒ පනත ගැසට් කරලා තියෙනවා, අද හවස 01ට ඒ පනත ඉදිරිපත් කරනවා. ආණ්ඩුවට තීරණයක් ගන්නවා නම් හෙට පක්ෂ නායක රැස්වීම කැඳවලා, ඊලඟ පාර්ලිමේන්තු සතිය එනවා තව සති දෙකකින් මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. පාර්ලිමේන්තු ඉතිහාසේ 225ම එකතු වෙලා ඒක මතිකව සම්මත කරන්න පුළුවන් පනතක් මේක.

පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 80ක් ඉන්නවා. ලක්ෂ 80ක් එකපාරට නෑ කියලා කිව්වොත් ඒක හෙන ගහන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට මොකුත් කරන්න බෑ. විශේෂයෙන් අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ සාකච්ඡාව ගන්න. ඉල්ලා හිටින්න. බලකරන්න. එතකොට මේ පාර්ලිමේන්තුවට මේකට යටත් වෙන්න සිද්ධවෙනවා.

පාර්ලිමේන්තුවේ අපි දැක්කා හදිසි පනත් ගෙනාවා. න්‍යාය පත්‍ර වෙනස් කර කර එක එක එව්වට ගත්තා. දැන් අදයි හෙටයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ මේ දවස් දෙකේම කතාකරන්නේ මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනැද නැද්ද කියලා. ඇයි ඒවා සාකච්චා කරන්නේ මේ ප්‍රශ්නෙ යටගහන්න. පහුගිය පාර්ලිමේන්තුවේ දවස් 04 ක් සාකච්ඡා කළා ශෝක යෝජනා ගැන. මිය ගිය මන්ත්‍රීවරුන් ගැන ශෝකය ප්‍රකාශ කරලා ගෙදරට ලිවුමක් යවන්න. ජනතාවගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නෑ. මෙන්න සාකච්ඡා කරනවා නම් ප්‍රශ්න. අපි අභියෝග කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පනත සාකච්ඡා කරන්න. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා බලපෑම් කරන්න.'

Media-conference-2

Media-conferenc

Media-conference-201

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us