විමල් සක්කිලි වැඩට බසී Featured

Published in පුවත්
Wednesday, 24 June 2015 11:47

කොළඹ නගරයේ පදික වේදිකා අසූචිවලින් පිරී ඇති බව විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පුවතක් පල කර තිබේ. විශේෂයෙන්ම එම සොයා ගැනීම අනුව යාචයන් විසින් කොළඹ පදික වේදිකා වැසිකිලි කැසිකිලි ලෙස යොදාගෙන ඇත.

රාජපක්ෂලාගේ නගර අලංකරණය වෙනුවෙන් මාරගෙන මැරෙන්න තරම් සූදානමකින් පසුවන දේශප්‍රේමී විමල් වීරවංශට සක්කිලි වැඩේ බාර ගත්තා නම් තමන්ගේ දේශප්‍රේමයේ තරම ගැන රටට ආදර්ශයක් දිය හැකිව තිබේ.

එහෙත් කොළඹ නිරන්තරේ පය ගහගෙන සිටින මිනිසුන් නම් කියන්නේ රාජපක්ෂ යුගයේදී කොළඹ යාචකයන්ගේ හිස් මතට කළුගල් අතහැර ඔවුන් මරා දමා කොළඹ යාචකයන්ගේ මර්මස්ථානයක් කරමින් සිදු කළ නගර අලංකරණය තවමත් ඒ හැටියෙන්ම තිබෙන බවය. තමන්ගේ දේශපාලන ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් අසූචි ගොඩක් කර ගත්ත වුන්ට සිහිනෙන් අසූචි ගොඩවල් පෙනීම ගැන රටේ ජනතාව දුක් නොවිය යුතු බවත් ඔවුන් වැඩි දුරටත් පවසති.


එම පුවත

හිඟන්නෝ කොළඹ වනසති.. පදික වේදිකාවේ වැසිකිලි කැසිකිලිත් යති..

යාචකයින් තැන තැන අපිරිසිදු කිරීම නිසා කොළඹ නගරයේ පදික වේදිකාවේ ගමන් කිරීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජනතාව පවසති.

කොල්ලූපිටිය, බම්බලපිටිය, මරදාන, පුංචි බොරැල්ල, පංචිකාවත්ත, පිටකොටුව, හෙට්ටිවීදිය, ගුණසිංහපුර, කොටුව, බැස්ටියන් මාවත, කොම්පඤ්ඤවීදිය, ලිප්ටන් වටරවුම සහ කොළඹ නගර සභාව අවට සිගමන් යදින යාචකයෝ පදික වේදිකාවේම ජීවත් වෙති.

ඉන් වැඩි පිරිසක් කැසිකිළි,වැසිකිළි යන්නේ ද පදික වේදිකාවේ වන අතර ඉතාමත් අපිරිසිදු තත්ත්වයෙන් ජීවත්වන මෙම පිරිස හේතුවෙන් ජනතාවට පදික වේදිකාවට තුළින් ගමන් කිරීමට නොහැකි වී ඇත.

ඔවුන් තමන්ගේ ඇදුම් ඇතුළු අනිකුත් භාණ්ඩ සගවනු ලබන්නේ ද පදික වේදිකාවේ තිබෙන ගස්වල අතුරිකිලි හා මුල් තුළය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us