News Items (18842)
ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ(25) දිනයෙන් අවසන්ව අැත.
තේ කර්මාන්ත ශාලා සඳහා කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර අැත. ලෝක වෙළෙඳ පොළේ පවතින ගැටලූකාරී තත්වයන් හේතුවෙන් තේ මිල පහළ යාමත් සමග කර්මාන්ත ශාලා හිමියන් පත්වන මූල්‍යමය අර්බූදය පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය රාජ්‍ය සහ වානිජ බැංකු හරහා කි‍්‍රයාත්මක වේ.
පරිගණක හැක්කර බැංකුවලින් මිලියන් දහස් ගනනක සල්ලි ඇදලා ! කොල්ලකරුවන් මලයාසියාවේ
ලංකා බැංකුවේ හා තවත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් හිමියන් කිහිප දෙනෙකුගේ ගිණුම් වලින් රුපියල් මිලියන දහස් ගනනක් වෙනත් ගිණුම්වලට මාරුකරමින් පරිගණක හරහා සිදු කළ දැවැන්ත බැංකු කොල්ලයක තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
හෝටලය වසා දැමීමට එරෙහිව SOVEREIGN සේවකයෝ උද්ඝෝෂණයේ(photos)
BMICH විසින් පාලනය කරන ලද රාජගිරියේ මහ බැංකු අභ්‍යාස ආයතනයට යාබදව පවත්වාගෙන ගිය සවරින්ග් හෝටලය ජූනි 15 සිට වසා දැමීමට එරෙහිව එහි සියළු සේවකයෝ ඊයේ (25) එම හෝටලය ඉදිරිපිටදී විරෝධතා ක‍්‍රියාමාර්ගවල නියැලූනි.
තම රැකියාව සුරක්ෂිත කරදෙන ඉල්ලමින් කරන ලද උද්ඝෝෂණය නිසා සේවක අර්ථ සාධක අරමුදලේ මෑන් පවර් සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපා ඇත.
එයට විරෝධය පාමින් එම සේවකයින් කොලඹ බාරොන් ජයතිලික මාවතේ පිහිටි සේවක අර්ථසාධක අරමුදල පරිශ්‍රය ඉදිරිපිට ඊයේ(25)අඛන්ඩ උපවාසයක් අැරඹුවේය.
ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත්‍රයක්ද? - හිල්මි අහමඞ්
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප්‍රයත්නයක් වශයෙනි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායකවරයා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) පැවසීය.
දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.
මහ බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා, ආන්දෝලනයකට තුඩු දුන් භාන්ඩාගාර බැඳුම්කරයට සෘජුවම දායක වී ඇති ඇති බව ඊට අදාලව පොදුව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාව (COPA) විසින් තීරණය කර ඇති බව වර්තාවේ.
හිටපු ජනාධිපතිවරයකු වන ඩී.බී. විජේතුංග මහතා කලක් පදිංචිව සිටි නිල නිවෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිහරණය සඳහා දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින බවත්, ජනාධිපතිතුමා එම නිවෙසේ පදිංචියට ගිය පසු දැනට එතුමා පදිංචිව සිටින නිල නිවෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන බවත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
