මීට පෙරද මෙම නියාමකවරුන්ට ස්වයංක්රීය ගිනි අවි ලබා දී තිබුණද, 2012 නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට ආරක්ෂක අංශ ම`ගින් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එම අවි ඉවත් කෙරිණි. ඉන්පසු ඔවුන්ට රිපීටර් වර්ගයේ ගිනි අවි ලබාදීමට පියවර ගෙන තිබිණි.
බන්ධනාගාර නියාමකවරුන්ට හදිසි අවස්ථාවලදී භාවිතය ස`දහා ස්වයංක්රීය ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා එම ඉල්ලීම කඩිනමින් ඉටු කරන ලෙස නියෝග කර ඇත.