ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට නම් හිටපු ජනාධිපති නිහඬව සිටිය යුතු බව අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරි මැතිවරණයෙන් ජයක් ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය අදියර දෙකකින් පැවැත්වීමට ගෙන ඇති තීරණයට අනූව ඊට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මස පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර අද නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ අද(27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

facebook වෙබ් අඩවිය ඉතා අලංකාර ක්‍රියාකාරකමක් හඳුන්වා දී තිබුණා. මේ අලුත් විශේෂාංගය නම් කර තිබුණේ “Celebrate Pride” යනුවෙනි.

දේශපාලන සිරකරුවන් මුහුණපාන ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට සම අයිතිය ව්‍යාපාරය ගන්නා ක‍්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස දේශපාලන සිරකරුවන් හමුවී ඔවුන් මුහුණ පා ඇති ප‍්‍රශ්නවලට මැදිහත්වීමේ වැඩසටහනක් අද (19) දින උදෑසන 9.30 පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා විසින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් හමුවුණි.

අයිස්ලන්තයේ බලන බලන හැම තැනම අයිස්. මේ ඒකාකාරී බව නැති කරන්න තීරණය කරන අයිස්ලන්ත බලධාරීන් අයිස් ගුහාවක් නිර්මාණය කරනවා.

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්ගේ හිතවාදීන්ට නාමයෝජන ලබා දෙමින් එම මැතිවරන සටනට තමා නායකත්වය දිය යුතු බවත් තම පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් කළ යුතු බවත් කියමින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මහතා හා එකඟතාවයකට පැමිණීමට තවමත් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සොමවංශ අමරසිංහ මහතා විසින් පිහිටුවනු ලැබූ නව දේශපාලන පක්‍ෂයේ පලමු සමළුව අද දින නවනගර ශාලාවේදී පැවැත්වුණි.

ලබන මස 6දා සිට මහමැතිවරණය අවසන් වන තෙක් රාජ්‍ය සේවයේ සහ පොලිස් සේවයේ සියලූ ස්ථාන මාරු තහනම් වන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (27) මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී සදහන් මේ බව සදහන් කළේය.

Connet With Us