යුද්ධයට වගකිවයුත්තේ මේ රටේ පාලකයන් මිස දේශපාලන සිරකරුවන් නොවෙයි – අජිත් කුමාර

Published in පුවත්
Saturday, 27 June 2015 16:09

දේශපාලන සිරකරුවන් මුහුණපාන ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට සම අයිතිය ව්‍යාපාරය ගන්නා ක‍්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස දේශපාලන සිරකරුවන් හමුවී ඔවුන් මුහුණ පා ඇති ප‍්‍රශ්නවලට මැදිහත්වීමේ වැඩසටහනක් අද (19) දින උදෑසන 9.30 පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා විසින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් හමුවුණි.

එහිදී මන්ත්‍රීවරයා සදහන්කර සිටියේ මේ රටේ යුද්ධයට වගකිවයුත්තේ මෙලෙස සිරගත කරගෙන සිටින දේශපාලන සිරකරුවන් නොව, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොදී ජාතිවාදය අවුස්සා ගෝත්‍රවාදී යුද්ධයක් ඇති කළ පාලකයන් බවයි.

තවද යුද්ධයට මූලිකත්වය ගත් බොහෝ පිරිස් විවිධ තැන්වල ඇමතිකම් දරමින් සිටින බවත් ඒ ඛේදවාචකයට ගොදුරු වුණ අය ඉතාම අසාධාරණ ලෙස සිරගත කරගෙන සිටීම වැරදි බවත් මෙහිදී අජිත් කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්හ.

Ajith-Kumara-visit-එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර

‘‘සම අයිතිය ව්‍යාපාරය විදියටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියටත් අපි අද එල්. ටී. ටී. ඊ. සැක කරුවන් යැයි රඳවාගෙන සිටින පිරිස හමුවීමට වැලිකඩ මැගසින් බණ්ධනාගාරයට ගියා. විශේෂයෙන් පහුගිය අවුරුදු 30ක සාපලත් යුද්ධයේ ඛේදවාචකයක් විදියට, විශාල පිරිසක් එල්. ටී. ටී. ඊ. සම්බන්ධතා තියෙනවා කියලා සිරකරගෙන සිටිනවා. කිසිදු නඩුවක් නැතුව චෝදනාවක් නැතුව අවුරුදු ගණනක් තිස්සේ යුද්ධය කාලයේදී සැකකරුවන් කියලා අත්අඩංගුවට ගත්තු 300කට ආසන්න පිරිසක් තවමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. මට මුණගැසුණා අවුරැදු 19ක් 20ක් තිස්සේ කිසිදු චොදනාවක් නඩුවක් නැතුව බන්ධනාගාරගත කරලා ඉන්න අය. විශේෂයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය මේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් කියන අය ඉතාම බරපතල ලෙස පීඩාවට පත් කළා.

බන්ධනාගාරය ඇතුළට ගිය වෙලාවෙදි ඒ සහෝදරවරු අහපු ප්‍රශ්නය තමයි, ‘මේ යුද්ධයට වගකියන්න ඕන අපිද’ කියන ප්‍රශ්නය. අපි දිගින් දිගටම කිව්වේ මේ රටේ යුද්ධයට වගකියන්න ඕන මේ අය නෙමෙයි. මේ යුද්ධයට වගකියන්න ඕන, ජනතාවගේ ප්‍රශ්න විසදන්නේ නැතුව ජාතිවාදය අවුස්සලා ගෝත්‍රවාදී යුද්ධයක් ඇතිකරපු එකට වගකියන්න ඕන පාලකයෝ. ඒ වගේම ඒ යුද්ධයට මූලිකත්වය ගත්ත බොහෝ අය විවිධ තැන්වල ඇමතිකම් අරගෙන ඉන්දැද්දී ඒ ඛේදවාචකයට ගොදුරු වුණ අය ඉතාම අසාධාරණ ලෙස මේ විදියට සිරගත කරගෙන ඉන්න එක වැරදියි.

ඒ නිසා පහුගිය පාලන කාලේ අපි ඒ පිළිබදව බලපෑම් කළා. ඔවුන් ඒකට උත්තර දුන්නේ නෑ. දේශාපාලන සිරකරුවන් නිදහස් කරනවා කියන එක වර්තමාන මෛත්‍රීපාල – රනිල් ආණ්ඩුවේ පොරොන්දුවක් වුණා. අද ඒ අයව දේශපාලන සිරකරුවන් කියන වචනයට පවා ගන්නේ නෑ. අපරාධකරුවන් ලෙස නම්කරලා තියෙන්න. කොහොම වුණත් සැබෑ ලෙසම ඔවුන් දේශපාලන සිරකරුවන්.
අපි ඔවුන් සමග සාකච්චා කළා. ඔවුන්ගේ ප්‍රශ්නය ජනතාව ඉස්සරහට ගෙනිහිල්ලා, මේ රට පුරාම ඉන්න දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්න කියන බලපෑම අපි කරනවා. ඒ වෙනුවෙන් කරන මැදිහත්වීම අපි කරනවා. ඉදිරියේදී ජනතාව ඉස්සරහ, සමාජය ඉස්සරහ, පාර්ලිමේන්තුවේ විවිධ ජනකොටස් එක්ක අරගලයට සම්බන්ධ වෙනවා කියන එක අපි ප්‍රකාශ කරනවා.’’

lanka views

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us