News Items (18842)
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා හමුවන පළමු අවස්ථාව මෙයයි.
ගංසූරිය මල් ළමා ගී සරණිය - ජූලි 03 සවස 7 ගිරිඋල්ල නගර ශාලාවේදී
ගංසූරිය මල් නමින් ළමා ගී සීඞී තැටියක් එලිදැක්වීම කටයුතු යොදා තිබේ. ගිරිඋල්ල නගර ශාලාවේදී ජූලි 03 වෙනිදා සවස 7 ට මෙම සීඞී තැටිය දොරට වැඞීම පිලිබද සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එළඹෙන මහමැතිවරණය සඳහා තරග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි. මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ මැතිවරණය කොමසාරිස්වරයා හමුවී මහමැතිවරණයට තරග කරන බව තහවුරු කළ බවයි.
රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගීත රචකයකු වන රවී සිරිවර්ධන මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හා කලා උපදේශකයා ලෙස කටයුතු කළ සමන් දිසානායකගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීම එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
මහින්ද යළිත් අර්බුදයේ , 'මහින්ද සමඟ නැගිටිමු' කී අය අතුරුදන්
ඊයේ මැදමුලනේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා කළ සංදර්ශනයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු සියයකට අධික සංඛ්‍යාවක සහභාගී වනු ඇති බවට බලපොරොත්තු වුවත් ඒ 28 දෙනෙකුට සීමාවීම නිසා වෙනම තරග කිරීම සඳහා ගත් තීරණය යළි අකුළා ගැනීමට සිදුවිය හැකි බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
ෂහීඩ් කපුර් මෑතකදී විවාහ වීමට සුදානම්ව සිටින බව දැන් බොහෝ පිරිසක් දන්නා රහසක්. ඒත් බඳින දවස දැනගන්න කැමතිද?
උසස් පොලිස් නිළධාරින් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය අඟහරුවාදා ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කළ පරිදි කියුබාව මවකගෙන් දරුවාට ඒඩ්ස් වෛරසය සහ සිපිලීස් වෛරසය අසාදනය වීම වැලැක්වීමේ ක්‍රමයක් සොයාගත් පළමු රට බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් HIV අසාදිත මවක් බිහිකරන දරුවාද HIV අසාදිතයෙකු වීමේ වැඩි ඉඩකඩක් පවතියි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තනිවම තරග කිරීමට තීරණය කර ඇත.
