මේ රටේ පැවැති ක්‍රමයට විරුද්ධව වැරදි කරපු අයට විරුද්ධව රට බංකොළොත් කරපු අයට විරුද්ධව ජනතාව ජනවාරි 8 වැනිදා කළ යුග පෙරළියෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකොට නැවත වතාවක්‌ ඒ අයම අරගෙන ගමන් කරනවානම් ඡන්දය දුන් ලක්‌ෂ හැටදෙකක ජනතාවට ද්‍රෝහි වීමක්‌ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව ගැන විමර්ශනය කිරීමේදී කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා ඊට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන බව නිවේදනය වීමෙන් පසු  ඔහුගේ ගෝලබාලයන් පිරිසක් මාතර දික්වැල්ලේ පිහිටි මංගල සමරවීරගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.

පකිස්ථානයේ හමුදා සොල්දාදුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් අනතුරට පත්වීමෙන් සොලදදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහ මැතිවරණයට තරඟ වැදීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා වන සුසිල් ප්‍රේම්ජයන්ත් මාධ්‍යවේදියෙකුට බැණවදිමින් තර්ජනය කරන වීඩියෝවක් නිව්ස්ෆස්ට් විසින් පළකොට ඇත. 

ඡායාරූප -  Gayani Batz Media Crew

ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.

Connet With Us