News Items (18842)
ඇෆ්ගනිස්ථාන අභියාචනාධිකරණය ප්රකෝපකාරී තීන්දුවක් ලබාදෙයි
ඇෆ්ගනිස්තාන අභියාචනාධිකරණය විසින් තරුණ කාන්තාවක් මරාදැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයන් හතර දෙනෙකු ගේ දඬුවම් අත්හිටු වීම හේතුවෙන් එරට කාන්තා ක්‍රියාකාරිනියන් කෝපයට පත්වී තිබේ.
පිලිපීන නෞකාවක් අනතුරට පත්වීමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මගීන් 189 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව අනතුරට පත්ව ඇත්තේ මධ්‍යම පිලිපීනයේ ලේයිට් වෙරළ තීරයේදී බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මැද මුලනේ කෑම වලටත් රජයේ මුදල් යොදවලා- නලීන් බණ්ඩාර(audio)
රාජපක්ෂ පවුල අලුත් අවුරුද්ද සමරා ඇත්තේද ආණ්ඩුවේ මුදල් වලින් බවත් දුප්පතුන් කිරිබතක් පිස ගැනීමට වත්කමක් නැතිව දුක් විදිද්දී රාජපක්ෂලා ආණ්ඩුවේ මුදලින් අවුරුදු කෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (02) පැවති හෙළිරදරව්ව 08 මාධ්‍ය හමුවට එක්වෙමිනි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය අද(02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා ඇත.
රටට අවශ්‍යය පවුලක දරුවන් හොඳට ඉගෙනීමට නොව මුළු රටේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් සැකසීම බවත් රටේ අනාගතය දූ දරුවන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිය ෆේස් බුක් ගිණුමට අද (02) ප්‍රකාශයක එක්කරමින් ඔහු මෙම අදස් දැක්වීය.
පාඩුවේ ඉන්න අලි කුලප්පු කර ගන්න එපා- කබීර් හෂීම්(audio)
පසුගිය ජනවාරි 08 වනදා මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයේ ඉතිරි කොටස අගෝස්තු 17 වනදා සම්පූර්ණකර ගන්නා බවත් එය අඩපණ කිරීමට යළි ප්‍රචණ්ඩත්වය දියත්කර අලියා කුලප්පු කර නොගන්න යනුවෙන් එජාප මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රැවුල අයිති පිරිමින්ට විතරද? රැවුල කියල අදහස් කරන්නෙ මුහුණේ ඇතිවෙන රෝම. බොහෝවිට පිරිමින්ගෙ මුහුණේ රෝම ගැහැණුන්ට සාපේක්ෂව වැඩිපුර ඇතිවෙනවා.
බොලිවුඩයේ සුපිරි තරු අභිෂේක් බච්චන්, රිෂි කපූර්, ඒසියන් සහ සුප්‍රියා පතක් ප්‍රධාන චරිත හොබවන 'All is Well' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (01) එළිදැක්වීය.
ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන කාලීන අවශ්‍යතාවය වන්නේ ආර්ථිකය ගොඩ නැංවීම බවත් මහින්ද රාජපක්ෂට එයට පිළිතුරු නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉස්සර අපි අහස නිරීක්ෂණය කරේ දුරදක්ණයක් හරහා. නමුත් දැන් ඒකට සමුදෙන්න කාලෙ හරි.
