ඇෆ්ගනිස්ථාන අභියාචනාධිකරණය ප්‍රකෝපකාරී තීන්දුවක් ලබාදෙයි

Published in විදෙස්
Thursday, 02 July 2015 17:47

ඇෆ්ගනිස්තාන අභියාචනාධිකරණය විසින් තරුණ කාන්තාවක් මරාදැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ පුද්ගලයන් හතර දෙනෙකු ගේ දඬුවම් අත්හිටු වීම හේතුවෙන් එරට කාන්තා ක්‍රියාකාරිනියන් කෝපයට පත්වී තිබේ.

එම සැකකරුවන් හතර දෙනාට මරණ දඬුවම නියම වී තිබුණේ පසුගිය මාර්තු මාසයේදී කුරානය ගිණි තැබූ බවට චෝදනා කර ෆ්‍රකුන්දා මලික්දා නමැති කාන්තාවක් මරාදැමීම හේතුවෙනි.

මෙහිදී මෙම තරුණ කාන්තාව කළහකාරී පිරිසක් විසින් ගල් ගසා ඝාතනය කෙරුණු අතර ඉන් පසු ඇයගේ සිරුර මතින් කාර් රථයක් පදවා ගෙන ගොස් සිරුරට ගිනි තබා තිබේ. ඇගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පල්ලියේ පුජකවරයාද දඬුවමෙන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මහජනතාවට විවෘත නොවූ නඩු විභාගයක් පවත්වා ඇති අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයා පවසන්නේ ලබා දී තිබෙන තීන්දුව යුක්ති සහගත නැති බවයි.

අභියාචනාධිකරණය විසින් වරදකරුවන් වූ පුදගලයන් තුන් දෙනෙකුට වසර විස්සක සිර දඬුවමක්‌ද තවත් පුදගලයෙකුට වසර 10ක සිර දඬුවමක්ද ලබා දී තිබේ.

කාන්තා ක්‍රියාකාරිනියක් වූ ෆ්‍රකුන්දා මලික්දා කුරානය පිළිස්සු බවට චෝදනා කර මරාදැමුණේ පෞද්ගලික පළිගැනීමක් වශයෙන් බව පසුව හෙළිවිය.

farkundha

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us