පිලිපීනයේ මගී නෞකාවක් අනතුරට පත්වෙයි

Published in විදෙස්
Thursday, 02 July 2015 16:02

පිලිපීන නෞකාවක්  අනතුරට පත්වීමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මගීන් 189 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ මෙම නෞකාව අනතුරට පත්ව ඇත්තේ මධ්‍යම පිලිපීනයේ ලේයිට් වෙරළ තීරයේදී බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එසේම මගීන් බේරාගැනීමේ මහෙයුම් ක්‍රියාත්මක බව එරට පොලිසිය පවසයි.  මේවනවිට මගීන් 127 දෙනෙකු මුදාගැනීමට සමත්ව ඇතැයි පිලිපීන වෙරළ ආරක්ෂක බලකාය අනාවරණය කර තිබේ.

Kim Nirvana නම් මෙම මගී නෞකාව පෙරළී ගොස් ඇත්තේ රළ පහර සැර වීම නිසා බව පැවසේ.

සාමාන්‍යයෙන් පිලිපීනයේ නෞකා අනතුරට පත්වීමෙන් වසරකට සිය ගණනක් මිනිසුන් මිය යන බව වාර්තා වේ. පිලිපීනය කොදෙව් රාශියකින් සමන්විත රටක් වන අතර නෞකා සේවයන්ගේ පවතින අනාරක්ෂිත බව නෞකා අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතුවකි.

Last modified on Thursday, 02 July 2015 16:34

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us