ඊජිප්තුවේ ගැටුම්

Published in විදෙස්
Thursday, 02 July 2015 10:11

ඊජීප්තුවේ සෙනායි අර්ධද්වීප ප්‍රදේශයේදී   එරට හමුදාව සහ අයිඑස් සටන්කාමීන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

 විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මියගිය අය අතර හමුදාවේ ඉහළ නිලධාරීන් හතර දෙනෙක් ඇතුලූව හමුදා සෙබළුන් 17 දෙනෙකු සිටි බවයි.

තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඊජීප්තුවේ හමුදා ප්‍රකාශක මොහොමඞ් සමීර් පවසන්නේ මේ වන විට තත්වය බොහෝ දුරට පාලනය කර ඇති බවයි. එසේම තවදුරත් සෙනායි අර්ධද්වීපය ආශ්‍රිත ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ඔහු පවසයි.

ඊයේ(01) උදෑසන සිට නව හමුදා කණ්ඩායම් සහ පොලිස් ඒකක ස්ථාපිත කරමින් බොහෝ ප්‍රදේශවල මාර්ග බාධක යොදවා ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. අද උදෑසන පටන් ගුවන් ප්‍රහාරයන් ඇරඹු බව එරටින් ලැබෙන වාර්තා පවසයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර හමුවේ අයිඑස් සටන්කාමීන් මිය ගිය සංඛ්‍යාවක් වාර්තා වී නැත. අයිඑස් සටන්කාමීන් සහ ඊජීප්තු හමුදාව අතර ඇති වූ එම සටන් හේතුවෙන්, ඉකුත් 2013 වසරේ සිට මේ දක්වා ඊජීප්තු හමුදා නිලධාරීන් පමණක් 600කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව සඳහන් වේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us