News Items (18842)
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ එකොලොස් කෝටි තිස් ලක්ෂයක වංචාවක්
රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගිණුමෙන් රුපියල් එකොළොස් කෝටි තිස්ලක්ෂ හයදහස් තුන්සිය දෙක (113,006,302 )ක මුදලක් වංචාකර තිබේ. මෙම මුදල් වංචනික ලෙස ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසිනි.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට රජයේ කිසිදු නිළධාරියකුට ස්ථාන මාරූකිරීම් සිදු කළ නොහැකි මුත් පසුගියදා පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරූකිරීම් කිහිපයක් සිදු කෙරිනි එහිදී රාජකාරීම අවශ්‍යතා යනුවෙන් සාධාරණීකරණයක් කිරීමට උත්සහයක් ගත්තද මෙලෙස ඇතැම් මාරුකිරීම් සිදුකර අත්තේ දේශපාලන හිතවත්කම් මත බව හෙළිවේ.
මිනිස්සු විවධ දේවල් අනුව වෙන්කර සැළකීම ලෝකය පුරාම සිද්ධ වෙනවා. මීට දශක ගණනාවකට කලින් ඇමරිකාව පුරා කළු සුදු බේදය විශාල ලෙස පැතිර තිබුණා.
ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකුට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම ප්‍රබල අමාත්‍යාංශ දෙකක අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරු මන්ත්‍රීවරුන් ද සිටින බව සන්ධාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
‘මහින්ද සමඟ රට ම සූදානම්’ යනුවෙන් පෝස්ටරයක් රට පුරා අලවා තිබේ. රට බේරාගත් නායකයාට කලගුණ සලකමු යනුවෙන් එක් දේශපාලනඥයකුගේ නම සඳහන් පෝස්ටරයක් ද ඒ සමඟ ම අගනුවර තාප්පවල අලවා තිබෙනු ද පෙනේ. අතීත සිදුවීම සිහියට නැඟීම නිසා මේ පෝස්ටර් දෙක දකින විට කිසියම් භීතියක් ඇති වේ. එසේ වනුයේ හිටපු ජනාධිපතිගේ පාලන සමයෙහි අප සිත්හි ඇති ව තිබූ භීතිය නැවත දැනෙන්නට වීමෙනි.
චීනයේ කොටස් වෙළඳපොළ තුල පසුගිය සති තුනක කාලය ඇතුලත බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 2.34 ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
ඉදිරියට ගලන එජාප ප්‍රවාහය ආපසු හැරවීමට හැකි ජගතකු නැති බවත්, බුද්ධි අංශ වාර්තා අනුව එජාපය මේ ඡන්දයෙන් නිසැකව ආසන 130 ක් ලබාගන්නා බවත් මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.
ජිම්නාස්ටික් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අමාරු වගේම අධික කැපවීමක් අවශ්‍ය වෙන ක්‍රීඩාවක්. ඒවගේම ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ගෙ සිරුරු තරම් විවධ තැලීම් වලට කැඩුම් බිඳුම් වලට ලක්වුන වෙන පිරිසක් නොමැති බව නොඅනුමානයි.
