News Items (18842)
සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා අද(07) ගල්කිස්ස අධිකරණය වෙත භාර වී ඇත.ඔහු නීතිඥවරු දෙදෙනෙකු මාර්ගයෙන් පැමිණ භාරවූ බව වාර්තාවේ.
ඩිව් කටයුතු කරල තියෙන්නේ දේශපාලන වාසි වෙනුවෙන් -අගමැති
පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුවේ එදා සිදුවූ දේවල් ගැන සොයන්නේ නැතිව ඩිව් ගුණසේකර එදා සිටියේ නින්දේ බව අගමැතිවරයා පවසයි.මහ බැංකු බැදුම්කර සම්බන්ධ කෝප් අතුරු කමිටුවේ වාර්තාව පිළිගත නොහැකි බව අද(07) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
මේ වසරේ අප්‍රේල් මාසයේ ලෝකයේ වයස්ගතම පුදගලයා වගේම ලෝකයේ වයස්ගතම කාන්තාව ලෙස සැළකුණු ජපන් ජාතික මිසාඕ ඔකාවා වයස අවුරුදු 117ක් ආයු වළඳා මිය ගියා. ඇගෙන් පසු එම ස්ථානයට පත්ව සිටින්නේ ඇමරිකාවේ සුසන්නා මුශාට් නම් වයස අවුරුදු 116ක කාන්තවකටයි.
ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා.
මහින්දට ශ්‍රී ලනීප නාම යෝජනා ස්ථිරයි. මෛත්‍රී මහින්දට දැනුම් දෙයි
හිටපු ජනාධිපතිව මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව හෙට දින මහින්ද රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුවේ.
මහින්ද රාජපක්ෂ අාණ්ඩු සමයේදී ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ රිමාන්ඩ් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන අද(07) යළිත් වරක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.
සිරියාවේ සිටින අයිඑස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර දැඩි කෙරේ
උතුරු සිරියානු ප්‍රදේශවල අයි එස් සටන්කාමීන්ට එරෙහිව සිදු කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමට ඇමරිකාව තීරණය කර ඇතැයි පැවසේ.
1950 දශකයේ මැද භාගය වන විට ද මෙරට බොහෝ නිවෙස්වල ගුවන්විදුලි යන්ත්‍ර නොතිබුණි. එහෙත් බහුතරයක් නිවෙස්වල ‘‘රෙඩිෆියුෂන්’’ නමැති උපකරණය සවිකොට තිබුණි. එම යන්ත්‍රය හරහා ගීත, ප්‍රවෘත්ති සහ වෙනත් දෑ අසා ගැනීමට හැකියාව තිබුණ ද එය ගුවන්විදුලි යන්ත්‍රය තරමට ම පැහැදිලි නොවී ය.
ඉදිරි මහමැතිවරණයේදී මෛත්‍රී-මහින්ද සහයෝගයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට නොලැබුනහොත් විමල් ගී ගනගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු ශ්‍රී ලංකා ජාතික පෙරමුණෙන් 'මල් පොහොට්ටුව' ලාංඡනයෙන් තරඟකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා ලබා තිබෙන අකුරැස්ස ප්‍රාදෙශීය සභවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නොහොත් සාරුවා සුනිල් මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධිනව ඉදිරිපත් වීමට තීරණය කර ඇත මේ සඳහා අද දින උදැසන ඔහු ඇප මුදල් තැන්පත් කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කොට ඇත.
