හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ම තරඟ වැදීමට සූදානමින් සිටින බවට ප්‍රවෘත්තියක් පලවිය.

මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ ග්‍රීසිය මේ වෙනකොට පත්ව ඇති ආර්ථික අරුබුදය වෙතයි. මීට අමතරව චීනයේ කොටස් වෙළඳපොළ කඩා වැටීම පිලිබඳ තොරතුරුත් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.

රටේම නම ගිය අපරාධකරුවන්, එතනෝල් ජාවාරම්කරුවන් සහ කුඩු ජාවාරම්කරුවන්ට නාමයෝජනා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පට්ටපල් බොරු කියමින් ජනතාව ගොනාට ඇන්දවීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින් අාරක්ෂා කළ බව ඔහුම පවසා අැති නිසා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින්ව රටට හෙළිකරන ලෙස රෝසි සේනානායක මහත්මිය අභියෝග කර සිටියාය. අැය මේ බව පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මව්බිම පුවත්පතේ ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන ලක්ෂ්මී ජයකොඩි නම් තරුණිය පසුගියදා සිය මිතුරියකගේ අවශ්‍යතාවයක මත ඇය සමඟ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හමුවීම සඳහා තංගල්ල නිවසට ගිය විට ඔවුන් සැකකටයුතු අය ලෙස චෝදනා කොට පොලීස් අත්අඩංගුවට පත්කරවීමට උත්සහ ගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකය ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම එකසත් ජාතික පක්ෂය හා වන සන්ධනයකින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අද උදැසන සිට පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඡායාරූප - Gayani Batz Media Crew

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

ලෝකය නම් මාර වේගෙකින් ඉස්සරහට යනවා. ඒත් මිනිස්සු හැටියට අපි කොතනද ඉන්නෙ.

මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව සඳහන් කරයි.

Connet With Us