ඉදිරි මැතිවරණයේ දි සෙසු පක්ෂද එකතු කරගෙන එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවේදී ගෙන ආ යෝජනාව සම්මත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ "අලියා" ලකුණින් තරඟ කිරීම සඳහා අද (11)නාමයෝජනා පත්‍රිකාවට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඉදිරි ඡන්දයේදී රට සංවර්ධනයට ජනතාව තෝරාගන්නේ රටට සංවර්ධන ජයග්‍රහණ රැසක් දිනාදුන් එජාපය බවත් ජනාධිපතිවරණයෙන් බලයෙන් ඉවතට විසිවුණ හිටපු ජනාධිපතිවරයා මේ ඡන්දයෙන් පසු විපක්ෂ මන්ත්‍රීවරයකු පමණක් වනු ඇති බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සිළුමිණ සමඟ ඉදිරි මැතිවරණය පිළිබඳව විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේ ය. එහිදී ඇසූ ප්‍රශ්න කීපයකට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

වර්ෂ 2015 ජනවාරි 8 වැනි දින මෙරටෙහි ඇති වූයේ සමාජ විප්ලවයකි. එය බොහෝ දුරට ප්‍රංශ විප්ලවය හා සමාන වන්නේය. අවුරුදු දහයකට ආසන්න කාලයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා විසින් ‍රටෙහි ඇති කරනු ලැබූ සමාජ තත්ත්වයන් තුළ පීඩාවට පත් රට වැසියන් ඔහුගේ පාලනය අවසන් කිරීම සඳහා ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රටෙහි ජනාධිපතිවරයා වශයෙන් අභිෂේක ලබන්නේය.

ඉන්දීය  ඉතිහාසයේ  වැඩිම වියදමක් දරා  නිර්මාණය වූ චිත්‍රපටය ලෙස සැළකෙන Bahubali ඊයේ(10) සිට ප්‍රදර්ශනය වීම ඇරඹුවා.

මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහබාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමි‍ටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දැන ගැනීමට තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලය අසල  කාර් බෝම්බයක්  පුපුරා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.

Connet With Us