News Items (18842)
සජීව චාමිකර-පරිසර සංරක්ෂණ භාරය
අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, කෘෂිකාර්මික ඉඩම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක පමණ භූමි ප‍්‍රමාණයක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර 2009 වසරේ සිට අනවසරයෙන් අත්පත් කර ගෙන සිටී.
මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.
බුද්ධිමතුන් මෛත්‍රීව අත්හරිති. ජනාධිපති උපදේශක ජයම්පති වික්රමරත්නත් යහපාලන පෙරමුණ සමඟ එක්වෙයි.
වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ වික්‍රමරතන මහතා ජනාධිපති උපදෙශකයකු ලෙසද පත් කර ගන්න ලදී.
එගොඩ යෑමට හෝ මෙගොඩ යාමට අපේක්ෂාවෙන් සිටින ඡන්ද අපේක්ෂකයන් මේ වන විට ඒ උදෙසා විවිධ උත්සාහයන්හි නිරතවෙමින් සිටිනවා නියතය.අනෙක් අතට ජනතාව ද බලාපොරොත්තු වන්නේ තමන්ට ගොඩයා හැකි පරිසරයක් උදාවීමය. ඔවුන් බලාපොරොත්තු පොදි බදින්නේ නිදහසේ ජීවත්විය හැකි බඩ වියත රැකගත හැකි හෙට දිනයක් උදෙසාය. හෙට දිනය උදෙසා දිනපතා බලාපොරොත්තු පොදි බදින මිනිස් සමාජයක පොදුවේ මිනිස් වර්ගයා බලාපොරොත්තු තුළම ජීවත් වෙති .මේ අතර සමහරුන්ගේ බලාපොරොත්තු තුළින් සමස්ත සමාජයම රටම ඇද දමන්නේ අගාධයකටය.ජනතාව එවන්වූ අගාධ සමයකින් ගොඩ ආවා පමණකි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ ජනතාවට එගොඩවීමට හෝ මෙගොඩ වීමට සිතා පත්කර ගන්නන් අවසානයේ ජනතා අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකිරීමයි.පවතින අප්‍රසන්න දේශපාලන රාමුව තුළ හුදු පුද්ගල මුහුණු රහුවකින් පමණක් වෙනස් කළ නොහැකිය.අවශ්‍යව ඇත්තේ දේශපාලන ක්‍රමයේ පැහැදිලි වෙනසකි.
සන්ධානේ ඇතුළේ කුමන්ත්‍රණකාරයෝ ! දුමින්දට වට කරල ගහන්න, මහින්ද පාර්ශ්වය තීරණය කරයි
මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කළ අපේක්ෂකයන් අතර 'යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ'ට උදව් උපකාර කරන කණ්ඩායමක් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව දැනගැනීමට තිබේ.
මහින්ද හදපු දකුණු ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව ගලවා දමයි
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී අරලියගහ මන්දිරයේ ඉදිකිරීම ආරම්බ කර තිබුණ දකුණි ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව(ව.මී. 3000)ගලවාගෙන ගොස් බෙන්තොට සවිකරගන්න ලෙසත් එමගින් එම සංචාරක ව්‍යාපරය කරන ජනතාවට සේවාවක් ලබා ගත හැකි බවත් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට පැවැසීය.
මේ වන විට කුඩු කාරයන් ,රේස්කාරයන් , බුකී කාරයන්,බේබද්දන් ට නාමයෝජනා ලැබී ඇති බවත් වෙලේ සුදා නිදහස්ව සිටියානම් ඔහුටද නාමයෝජනා ලැබෙනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත් - ආචාර්ය රංග කලන්සූරිය
පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා ඔහු වේදිකාවේ දුන් ප්‍රතිඥාවට ඉඳුරා පටහැනි තත්වයකි.
යහපාලනය සඳහා වන එකසත් ජාතික පෙරමුණ'' පිහිටුවීම වෙනුවෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය හා හ අනෙක් පාර්ශ්වකරුවන් අරලියගහ මන්දිරයේදී අත්සන් තබන ලදි .
මෛත්‍රී මහින්ද හවුලත් සමඟ මෙවර මහ මැතිවරණයේදී වැඩි වාසියත් අත්පත් කර ගත හැකි බවට ගනන් බැලූ ශ්‍රීලනිප නායකයන් මේවන විට මහත් අර්බූදයකට ලක්ව සිටී.
