දුෂණ චෝදනා එල්ල වූ පිරිස්වලට කුමන පක්ෂයකින් හෝ නාමයෝජනා ලබාදීම තමන් කිසිසේත් අනුමත නොකරන බවත් මේ තත්වය හමුවේ තමා දේශපාලනය ගැන දැඩි කළකිරීමකින් පසුවන බවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෙලේ සුදා නිදහස්ව සිටියා නම් ඔහුට වුවද නාමයෝජනා ලබාදීම මෙරට දේශපාලන පක්ෂවලට එතරම් ගැටලූවක් නොමැති බවත් යහපාලනයක් ගොඩනැගීම සදහා තමන් ගෙනගිය අරගලය නිෂ්ඵල වූ බවත් මේ වන විට යහපාලනයක් කියා දෙයක් නොමැති බවත් පැවසුවේය.