තුෂාරගෙන් වැරැද්දක් වුණේ නෑ, ලක්ෂ්මී පිළිතුරු දෙයි

Published in පුවත්
Saturday, 11 July 2015 18:22

'මව්බිම පත්තරේ ලක්ෂ්මීට සජිත් කැත වැඩක් කරලා' යනුවෙන් අප වෙබ් අඩවියේ ඊයේ(10) පළ වූ පුවත සම්බන්ධයෙන් දුර්කථන ඇමතුමක් දෙමින් කරුණු දැක්වූ ලක්ෂ්මී ජයකොඩි මෙනවිය එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් එහි සඳහන් එකදු සිදුවීමක් හෝ සිදු නොවූ බවත් සඳහන් කරන්නීය.

මව්බිම පුවත් පතේ කර්තෘ තුෂාර ගුණරත්න මහතා සමඟ තමන් වසර තුනකට අධික කාලයක් කටයුතු කර ඇති බවත් ඔහු ඉතා හොඳ පුද්ගලයකු මෙන්ම තමන් ඉහළින්ම ගරු කරනු ලබන පුද්ගලයකු බවත් සඳහන් කළාය.

තමන් මව්බිම පුවත්පතේ සේවයෙන් ඉවත් වුයේ පෞද්ගලික කරුණක් නිසා බවත් තම ඉල්ලා අස්වීම තුෂාර ගුනරත්න මහතා බාර ගත් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

සංස්කාරක සටහන : ගැලීලියෝ කොපර්නිකස්‌ට පෘථිවිය සූර්යා වටා ගමන් නොකරන්නේ යැයි මුග්ධ රජු හා ආගමික අධිකාරිය ඉදිරියෙහිදි පිළිගැනීමට සිදු විය. එහෙත් ඒ මොහොතේදීත් සූර්‍යයා වටා පෘතුවිය භ්‍රමණය වෙමින් සිටින බව හේ දැනගෙන සිටියේය.

අපගේ පුවත නිසා අපෙ සහෝදර ජනමාධ්‍යවේදීනී ලක්ෂ්මී ජයකොඩි මෙනවියට යම් අපහසුතාවයක් සිදු වූවානම් ඒ ගැන කණගා‍ටු වෙමු. මෙම පුවත් පළ වීමෙන් පසුව ඇයට සිදූ වූ අලකලංචිය පිළිබඳ අපට අවබෝධයක් තිබේ. මෙම පුවත අප විසින් පළ කරනු ලැබුවේ ඇයව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් නොවන බව සඳහන් කරන අතර සමාජය හමුවේ සුදුපිරුවට ඔතාගෙන සිටින වුන්ගේ ජඩ කම් හෙළිකිරීම වෙනුවෙනි. එහෙත් මේ ජඩයන් තවම නිහඬය.

 

මව්බිම පත්තරේ ලක්ෂ්මීට සජිත් කැත වැඩක් කරලා

 

Last modified on Saturday, 11 July 2015 18:32

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us