අමාරු හරිය ඉවරයි-ඉතුරු ටිකත් එකමුතුව කරමු

Published in පුවත්
Saturday, 11 July 2015 18:26

ඉදිරි මැතිවරණයේ දි සෙසු පක්ෂද එකතු කරගෙන එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවේදී ගෙන ආ යෝජනාව සම්මත විය.

සෙසු පක්ෂ සමග එක්ව තරග කීරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම හෙට (12) පෙරවරුවේ අරලියගහ මැදුරෙදී පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිතය.

එක්සත් යහපාලන පෙරමුණ නමැති පක්ෂය තවම ලියාපදිංචිවී නැති බවත් එම පක්ෂයේ ලියාපදිංචිය මැතිවරණයෙන් පසුව සිදු කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙහිදී ප‍්‍රකාශ කළේය. මහ ඡන්දයේදී ඔවුන් එජාපයේ අලියා ලකුණින් තරග කර අනතුරුව මැතිවරණයෙන් පසුව වෙනම වාමවාදී පක්ෂයක් ලෙස එජාපයට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ අසුන් ගනු ඇති බවද ඔහු හෙළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප‍්‍රතිවාදීන් පරාජය කිරීමේ අසීරුතම කටයුත්ත පසුගිය ජනාධිපතිවරණයේදී අවසන් කෙරුණු බවත් එ් අනුව මෙවර මහ මැතිවරණය ජය ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවයි.

ඒ අනුව එජාපය ප්‍රමුඛව අළුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන බවත් ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවේම සහය ලබා ගන්නා අතරම ගෙදර ගිය අය ගෙදර සිටිය යුතු බවත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව අළුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට පංච මහා සැලැස්මක් ගෙන එන බවත් එහි පළමු අරමුණ රටේ ආර්ථික වර්ධනය බවත් එහි ආර්ථික කළාප 48ක් නිර්මාණය කරන බවත් අගමැතිවරයා පැවසී ය.

යහපාලන එක්සත් ජාතික පෙරමුණ ලෙස මෙවර මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අද පැවැති විශේෂ සම්මේලනයේදී සම්මත වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුවේය.

එක්සත් යහපාලන පෙරමුණ පිහිටුවීම සඳහා පාඨලී චම්පික රණවක හා අතුරලියේ රතන හිමි මුල්වූ අතර දැන් එම පක්ෂයට රාජිත සේනාරත්න,අර්ජුන රණතුංග,හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, එස්.බී දිසානායක,පියසේන ගමගේ, රෙජිනෝල්ඞ් කුරේ,සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, විජය දහනායක, අර්ල් ගුණසේකර හා සරත් අමුණුගම ආදීන්ද එක්ව සිටින බව සිටින බව වාර්තාවේ.

සබැදි පුවත්

(UPDATE)මෛත්‍රී - මහින්ද හවුලට එරෙහි නව පෙරමුණ 12 වනදා

 

Last modified on Saturday, 11 July 2015 18:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us