............................................................
එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරනයේදී මෛත්රීපාල සිරිසේන දිනවීම වෙනුවෙන් පෙනී සිටි අනෙක් පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයන් දූෂිත මෛත්රී - මහින්ද හවුල පැරදවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම ලබන 14 වන දින කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී උත්සවාකාරයෙන් සිදු කිරීමට මෙවන විට කටයුතු සිදුකරමින් පවතින බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මේ අවස්ථාවට පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන 49 ඇතුළුව විශාල පිරිසක් සහභාගී වෙමට නියමිත බවද ඔහු පවසයි.