සන්ධානේ ඇතුළේ කුමන්ත්‍රණකාරයෝ ! දුමින්දට වට කරල ගහන්න, මහින්ද පාර්ශ්වය තීරණය කරයි

Published in පුවත්
Sunday, 12 July 2015 18:18

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කළ අපේක්ෂකයන් අතර 'යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ'ට උදව් උපකාර කරන කණ්ඩායමක් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව දැනගැනීමට තිබේ.

මේ නිසා මැතිවරණ ප්‍රචාරක සැලසුම්, මඩ ප්‍රචාරක ව්‍යාපාර සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිදරව් වීම වලක්වා ගැනීම අසීරු තත්වයක් ඇතිව තිබේ. මැතිවරණ මෙහෙයුම් කමි‍ටුව තුල මහින්ද විරෝධීන් කිහිප දෙනෙකු සිටීම නිසා ඔවුන්ගේ අනුමැතියෙන් තොරව එම කටයුතු සැලසුම් කිරීමද දුෂ්කර වී තිබේ.

යම් ලෙසකින් යහපාලන පෙරමුණට ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා අවස්ථාව ලැබුණ හොත් මෙම මහින්ද විරෝධී කණ්ඩායමද නියත වශයෙන්ම යහපාලන පෙරමුණට සහයෝගය ලබා දෙනු ඇත. මේ තත්වය නිසා මහින්ද පාර්ශ්වය මෙම කණ්ඩායම යහපාලන කුමන්ත්‍රණකරුවන් ලෙස හැඳිවීමට පටන් ගෙන ඇති අතර මහ මැතිවරණයේදී එම කණ්ඩායම පරාජය කිරීම වෙනුවෙන් ඔවුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයන් ගෙන යාමටද සැලසුම් කර තිබේ. අද මාදිවෙලදී පැවැති කතා බහකදී මේ පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් බැසිල් රජපක්ෂ ප්‍රමුඛ පිරිසක් කටයුතු කිරීමටද නියමිතය.

විශේෂයෙන්ම පසුගියදා කලාවැව ආසන සංවිධායක ධුරය ලබා දෙන ලද දුමින්ද දිසානායක මහතාට එරෙහිව දැඩි ව්‍යාපාරයක් ගෙන යායුතු බව රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් තීන්දු කර තිබේ. ඒ මන්ද යත් අනාගත ශ්‍රී ලනීපයේ නායකත්වයට වඩාත්ම සුදුසුකම් ලබන නායකයා වනු ඇත්තේ දුමින්ද දිසානායක මහතා බවත් ඔහුගේ කේන්ද්‍ර සටහනේ රාජ යෝගයක් පිහිටා තිබීමත් නිසා අනාගතයේදී රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට අවස්ථාව අහිමි වීමත් සිදුවනු ඇති බවත් රාජපක්ෂවරුන්ට අවබෝධ වි ඇති බැවිනි. ඔහු ශ්‍රී ලනීපයෙන් ඉවත්ව නොගියේ මේ අනාගත බලපොරොත්තුව නිසා බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ජනාධිපතිවරයාගේත් ශ්‍රී ලනීපයේ ජේෂ්ඨයන් ගනනනාවක්ගේ උපදෙස් හා ආශිර්වාදය ඔහුට ලැබී ඇත.

එමෙන්ම කොලොන්නාවෙන් තරග වදින ප්‍රසන්න සෝලංගාආරච්චි දැඩි මහින්ද විරෝධියකු වන අතර ඔහු මේවන විටත් හිමිකරගෙන තිබෙන ජනප්‍රියත්වය නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පෙරමුණට පැමිණිය හොත් මහින්ද වාදීන්ට ප්‍රබල තර්ජනයක් වනු ඇති බවත් ඔහුට එරෙහිව ද ක්‍රියත්මක විය යුතු බවත් මෙහිදි සාකච්ඡා වීතිබේ.

ලබන සතියේදී හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඇය මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාර අනුව මහින්දවාදීන්ගේ ජයග්‍රහණය හෝ පරාජය තීන්දු වනු ඇති බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us