බුද්ධිමතුන් මෛත්‍රීව අත්හරිති. ජනාධිපති උපදේශක ජයම්පති වික්‍රමරත්නත් යහපාලන පෙරමුණ සමඟ එක්වෙයි.

Published in පුවත්
Sunday, 12 July 2015 23:18

වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ වික්‍රමරතන මහතා ජනාධිපති උපදෙශකයකු ලෙසද පත් කර ගන්න ලදී.

එහෙත් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් ‍රැළකට සන්ධානයේ නාම යෝජනා ලබා දීමට තීරණය කිරීම නිසා තව දුරටත් ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස කටයුතු කිරීම කළ නොහැකි වීම එම තනතුරෙන් ඉවත් වීමට හේතුව වී තිබේ.

එමෙන්ම ඔහු හා වමේ කෙන්ද්‍රය, යහපාලනය සදහා වූ ජාතික පෙරමුණට මෙවර සහයෝගය ලබා දීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයකුව සිටි රාජා උස්වැටකෙයියාව මහතාද යහපාලන පෙරමුණට සහයෝගය ලබා දීමට තීරණය කර ඇති අතර ඔවුන් දෙදෙනාම එම පෙරමුණේ ජාතික ලැයිස්තුවටද ඇතුලත් කොට ඇත.

වික්‍රමරත්න මහතාගේ නම නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම් කිරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටි නමුත් ඔහුට ලැබූ ජනවරම පාවා දෙමින් කටයුතු කිරීම නිසා වික්‍රමරත්න මහතා වැනි බුද්ධිමතුන්ද ඔහුව හැර යාමට පටන්ගෙන තිබේ. 19 වන ආණ්ඩුක්‍රම වයවස්ථා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වික්‍රමරත්න මහතා විශාල වෙහෙසක් දැරූවෙකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us