හිරේ ඉන්න චොකා මල්ලීටත් සන්ධානය නාමයෝජනා දීලා

Published in පුවත්
Monday, 13 July 2015 08:29

මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය (9) වනදා ජයසේකර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි එ.ජා.ප ආධාරකරුවෙකු වන ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ගැන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු අට දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිටිති.

මාස හයක පමණ කාලයක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරගතව සිටි නිවිතිගල ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායකවරයාද වන ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඊයේ (12) නිවිතිගලින් ආරම්භ කළේය. ඒ වෙනුවෙන් නිවිතිගල ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි.


dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us