( මෙම ලිපිය රාවය පුවත්පතට යොමු කරනු ලැබූ නමුත් එහි පළ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.)


මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත වන්නේ ඔහු විසින් මෙම පාවාදීම සිදු කරන ලද ආකාරය යි. එනම් සිය මිතුරු බලවේග ලෙස සළකනු ලැබූ සියලු පාර්ශවයන් බොරු සහ වංචා මගින් මුලා කරමින් බොරු බේගල් දෙසා බාමින් නීව ලෙස සිරිසේන, රාජපක්ෂ සමඟ දේශපාලන යහන්ගත වීම ය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක්‌ සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගනු ලබන තීරණය කෙරෙහි ඔහුට ඡන්දය දුන් සියලූ දෙනා ඉතා ඕනෑකමින් බලා සිටින බව මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් පැවසුවේය.

හයාත් හෝටල් ව්‍යාපෘතිය යටතේ ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන තවත් මූල්‍ය අක‍්‍රමිකතාවක් පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වේ.

පසුගියදා ලෝක කම්කරු සංවිධානයේ අනුග්‍රහය යටතේ හොංකොං සහ මැද පෙරදිග කලාපයේ රටවල ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් පිලිබඳ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවා. එය නම් කර තිබෙන්නේ “No one should work this way” නමිනුයි. පහත දැක්වෙන්නේ විවිධ රටවල ගෘහ සේවය සඳහා ගොස් විවිධ අතවරයන්ට ගොදුරු වූ කාන්තාවන් පිරිසක්. ඔවුන් සියලු දෙනාට තියෙන්නේ එකීනෙකට වෙනස් කතා. නමුත් ඔවුන් විඳින සහ විඳපු පීඩාව එක හා සමානයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා 'මව්බිම' පුවත් ආයතනයේ හිමිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක්‌ සිය නිවසට කැඳවා සුපිරි සාදයක්‌ පවත්වා තිබේ.

මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.බස්‌නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්‌ඩත්වය වපුරුවා මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අරමුණවී ඇතැයි නවරත්න මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 ) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතය.

Connet With Us