ජනවරම අමතකද?-තීරණය ජනපති අතේ

Published in පුවත්
Thursday, 09 July 2015 20:21

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගනු ලබන තීරණය කෙරෙහි ඔහුට ඡන්දය දුන් සියලූ දෙනා ඉතා ඕනෑකමින් බලා සිටින බව මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් පැවසුවේය.

ජනවාරි 8 වනදා තමන්ට ලැබුණු ජනවරමට එරෙහි තීරණයක් ජනාධිපතිවරයා නොගත යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාණය කළේය.

මල්වතු මහා නායක හිමියන් බැහැ දැකිම සදහා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා අද (09)පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

මල්වතු මහනායක හිමියන්ගේ මෙම සදහන මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම ලබාදුන් බහුතර ලාංකික ජනතාවගේද ඉල්ලීමය. ජනතාව ඔහුට ජනවරම ලබා දුන් හේතුව පිළිබදව ජනාධිපතිවරයා හොදාක‍ාරවම දන්නා බව නිසැකය.එය නොතේරෙනවාසේ හිදීම තුළින් ඔහු වැරදි තීරණයක් ගත හොත් එහි විපාක විදීමට සිදු වන්නේ අතිමහත් ජනතාවටය.මුළු රටටමය. බලයට පත්වීමට වෙර දරන සියලු පාලකයන්ට ලාංකීය ජනතාව ඉගැන්වූ පාඩමක් තිබේ.ජනවාරි 08 වනදා ඉගැන්වූ එම පාඩම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති බවට පත්විය. පසුව ඔහුම සිය බලතල කප්පාදු කරගෙන ආදර්ශමත් නායකයකුගේ ගතිලක්ෂණ විදහා පෙන්වූයේය. එවන්වූ නායකයෙකු අද වන විට වැරදි තීරණයක් ගනී නම් ජනතාව දේශපාලනය පිළිබද ඇති විශ්වාසය කප්පාදුකරගනු ඇත.

මල්වතු මහනාහිමියන් පැවසූ පරිදි ජනපතිතුමාට මේ මොහොතේ ජනවරමට පිටුපෑම කිසිසේත් නොකළ යුත්තකි.ජනාධිපතිතුමා යනු ජනතාවගේ ආරක්ෂකයායි. ඔහු කෙරේ ජනතාව තබන විශ්වාසය බිදී යයිනම් ඔහුගේ පාලනය පිළිබද,පාලන සමය පිළිබදව ජනතාව සතුටු නොවනු ඇත.විශ්වාසය පළුදු වූ තැන ඉතිරිවන පුද්ගල සබදතාවය පලක් නැත.ජනතාව සහ ජනනායකයා අතරටද එය අදාළය. එහෙයින් රටටම බලා සිටින මොහොතක ජනතා විශ්වාසය ආරක්ෂාකර දීම වැදගත්ම තීරණය වනු ඇත.රාජපක්ෂ පවුල් පාලනය අලුත් වටයකින් ගොඩ නැගී අවනීතිය, දූෂනය වංචාව රජයන තත්වයක් ඇතිවීමට ඉඩදිය හැකිනම් හෙට දිනයෙදී මේ රට තවත් අගාධයකට වැටෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us