මහින්දලා මුල්ගල් තියන්නත් කලින්ම වියදම් කරලා

Published in පුවත්
Thursday, 09 July 2015 19:55

හයාත් හෝටල් ව්‍යාපෘතිය යටතේ ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන තවත් මූල්‍ය අක‍්‍රමිකතාවක් පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වේ.

අදාළ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ හම්බන්තොට හෝටල් දෙකක් ඉදිකිරීමට යෝජනා වී තිබුණු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොළඹ ඉදිකිරීමට යෝජනා වූ හෝටලයේ මූලික පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 13 සිට රුපියල් මිලියන 27 දක්වා අයථා ලෙස වැඩිකර ඇතැයි මෙම නිවේදනයේ දැක්වේ.

හම්බන්තොට ඉදිකිරීමට යෝජනා වූ හෝටලය සඳහා වෙන් කෙරුණු රුපියල් බිලියන 5 ක මුදලින් රුපියල් මිලියන 300 ක් මුල්ගල තැබීමටත් පෙර වියදම් කර ඇති බව වැඩිදුරටත් සදහන් කර තිබේ.

කෙසේ වුවත් පසුගිය රජය වියදම් කිරීමට සූරයන් බව හෙළිදරව් වී හමාරය.වියදමට සූරයන්වූ රෙජිමය ජනතාවට වියදම් නොකර ජනතාවගේ මුදල් කොල්ල කෑමට හපනුන්ය. ඒ හපන්කම් බොහෝමයක් හෙළිවී ඇති අතරම ඒවාට ඔවුන්ට ප්‍රතිඋත්තර සැපයීමට සිදුවන දිනය සහ ජනතාවගෙන් උදුරා ගත් සම්පත් ආපසු ජනතාවට ලබාදීමට හැකි දිනයක් උදාකිරීම සිදුවිය යුතුය.ජනතාවට ඉටුකරන සාධාරණය වන්නේ එයයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us