ෂහීඩ් කපුර් අද(08) විවාහ වීමට නියමිත බව අපි මීට පෙර වාර්තා කර තිබුණා. ෂහීඩ් විවාහ උනේ 23 හැවිරිදි මීරා රාජ්පුත් නම් සාමාන්‍ය තරුණියක් සමඟයි.

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

යාපනයේ කයිට්‌ස්‌හිදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පවසා අැත.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ වියට්නාම කමියුනිස්ට් පක්ෂ නායක න්ගුයෙන් පු ට්‍රොන්ග් අතර සකච්ඡාවක්  ධවල මන්දිරයේදී පැවත්වී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සම්බන්ධයෙන් අද(08) දිනය තුළ අවසන් තීරණයකට එළඹෙනු ඇති බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන් පාඨය වනු ඇත්තේ සිංහල බෞද්ධ වර්ගවාදය පදනම් කර ගත් ගෝත්‍රවාදී සටන් පාඨ කිහිපයක් පමණක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ දූෂන වංචා චෝදනා ලැබූවන්ට නාම යොජනා ලබා නොදීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක කරන විමල් වෙරවංශ මහතාගේ ජතික නිදහස් පෙරමුණ ඊයේ නිකුත් කළ නිවේදයක් අනුව එම දූෂිතයන්ට නාම යෝජනා ලබා දීම සාධාරණීය කරනය කිරීම සඳහා තර්කයක් ගෙන එයි.

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාවක ලබා ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාම යෝජන ලබා දිය යුතු නමුත් ඔහුට අගමැති ධුරය ලබ දිය යුතු නැති බවටත් වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇත්තේ ඇත්තේ සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව හෙළිවේ.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වු කෝප් වර්තාව පිළිබඳව විවාද කිරීම හෝ ඒ මාධ්‍යයට හෙළි කිරීමෙන් වැලැකී සිටින බව හිටපු ජේෂ්ඨ අමාත්‍ය කෝප් කමි‍ටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි මීට පෙර වාර්තා විය.

Connet With Us