සන්ධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති රැස්වීමේදී අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී අැත.
මෙම සාකච්ඡාව ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවති බව වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට නාමයෝජනා ලබා නොදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණ ගැනීමට අසීරු තත්වයක පසුවන බවත් බොහෝ දෙනක් මෙ වන විට ගත කරන්නේ දෙළොවක් අතර බදු ස්වරූපයක් බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.