මහින්ද පෙන්වා ඡන්ද අරගෙන පැත්තකට දැමීමේ යෝජනාව සුසිල්ගේ !

Published in පුවත්
Wednesday, 08 July 2015 07:11

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාවක ලබා ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාම යෝජන ලබා දිය යුතු නමුත් ඔහුට අගමැති ධුරය ලබ දිය යුතු නැති බවටත් වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇත්තේ ඇත්තේ සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව හෙළිවේ.

මහින්ද වාදී පිළ නියෝජනය කරමින් සිටියද ඔහු ඇතුළු ශ්‍රී ලනීප ජේෂ්ඨයන්ට අවශ්‍යව ඇත්තේ මහින්දව පෙන්වා මැතිවරණය ජය ගැනීමට බව පසුගිය දින කිහිපයේදීම ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාක්ච්ඡා කිහිපයකදීම අවධාරණය කර තිබේ. මහින්ද නොමැති වුව හොත් එජාපය තුනෙන් දෙකේ ජයග්‍රහණයක් අත්පත් කර ගන්න බව සංඛ්‍යා ලේඛන සහිතව ඔවුන් අවධාරණය කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාලද සිල්වා මහතා මෙන්ම ඩලස් අලහප්පෙරුම වැන්න වුන් පවා තමන් රාජපක්ෂ යුගයේදී රාජපක්ෂ පවුලේ අණසකට අනුව පීඩනයකට ලක්ව සිටි බව පෙන්වා දී ඇති අතර යළිත් රාජපක්ෂවරුන්ට බලය ලබා දී ඔහුගේ වහලකු වන්නට තමන්ද සූදානම් නැති බව පවසා ඇත. කිසිවකුට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබෙන පාර්ලිමේන්තුවකදී එජාපය සමඟ වන ජාතික ආණ්ඩුවකට තමන්ද එකඟ බව ඔවුන් මෙහිදී අවධාරණය කර ඇත. එකසත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහි‍ටු වීමට ඉඩ ලැබුණ හොත් යළි ශ්‍රීලනීපයට බලයට ඒමට තව කෙතරම් කාලයක් බලාගෙන සිටීමට සිදුවනු ඇතිදැයි ගනන් හැදීමට වත් නොහැකි වනු ඇති බව මෙම ශ්‍රී ලනීප මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ අඳෝනා නගා ඇත.

Last modified on Wednesday, 08 July 2015 07:29

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us