මෙම වාර්තාව සම්බන්ධයෙන් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විවෙචනයක් එල්ල කළ අතර එහිදී ඩිව් ගුණසේකර මහතා බරපතල වංචාවක් සිදු කළ බවටද චෝදනා කෙරිණි.
එමන්ම එජාප මන්ත්‍රී සුජීව සෙනාසිංහ මහතාද මේ සම්බන්ධයෙන් සජීවී රූපවහිනී විවාදයකට පැමිණෙන ලෙසද ගුණසේකර මහතාට අභියෝග කළේය.
මෙම ප්රකාශයන්ගෙන් අනතුරුව ,පාර්ලිමෙන්තුව විසුරුවා ඇති බැවින් මේ සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නැති බව ගුණසේකර මහතා පවසයි. එනමුත් පසුගියදා මෙම වාර්තාව මාධ්‍ය හමුවට ගෙන විත් එමඟින් අගමැති රනිල් වික්රමසිංහත් මහ බැංකු අධිපතිවරයත් වරදකරුවන් බව මහතා පැවැසීය. එම තොරතුරු ඉදිරියෙදී හෙළි කරන බවත් අවධාරණය කළේය. නමුත් අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව ඩිව් ගුණසේකර මහතා අඩි කිහිපයක්ම පසු පසට ගොස් තිබේ.