සන්ධාන දූෂිතයන්ට නාමයෝජනා ලබාදීම සාධාරණ බව විමල් තර්කානුකූලව පෙන්වා දෙයි.

Published in පුවත්
Wednesday, 08 July 2015 07:29

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ දූෂන වංචා චෝදනා ලැබූවන්ට නාම යොජනා ලබා නොදීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක කරන විමල් වෙරවංශ මහතාගේ ජතික නිදහස් පෙරමුණ ඊයේ නිකුත් කළ නිවේදයක් අනුව එම දූෂිතයන්ට නාම යෝජනා ලබා දීම සාධාරණීය කරනය කිරීම සඳහා තර්කයක් ගෙන එයි.

ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.,

"..‘කෝටි 5400කට වැඩි මේ රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ලකාපු, මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු, ඒ පිළිබඳව වගකිවයුතු යැයි කෝප් කමිටු වාර්තාවේ නම සඳහන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට නාමයෝජනා ලබානොදෙයි’ කියලා. දැන් තියෙන්නේ පිරිසිදු එක්සත් ජාතික පක්‍ෂයක්නේ. චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා දෙන්නේ නැහැනේ. එහෙමනම් ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා රනිල් වික‍්‍රමසිංහටත් ලැබෙන්නේ නැහැ.

ඒ විතරක් නොවෙයි, වත්තල ප‍්‍රාදේශීය සභාවට කඩා වැදිලා මැර බලය පෙන්වපු, ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වාහන යොදාගෙන සේරුවාවිල ප‍්‍රදේශයේ නිදන් හාරපු, ජෝන් අමරතුංගට ‘පිරිසිදු එජාපයේ’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම තඹ කන්ටේනරයක් මුදාගැනීමට බලපෑම් කළ බවට චෝදනා ලබපු සුජීව සේනසිංහට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ.

තවද භුවල්කා සමාගමෙන් කප්පම් ඉල්ලපු පාලිත රංගේ බණ්ඩාරට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වගේම කරුංකා ප‍්‍රතිඅපනයන භාණ්ඩයක් බවට පත් කරලා කරුංකා කන්ටේනර් රේගුවෙන් නිදහස් කරන්න බලපෑම් කරපු රවී කරුණානායකට පිරිසිදු එජාපයෙන් නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ. ඌව පළාතේ වැලි තොටවල් එජාප හිතවතුන්ට ලබා දුන්නු බවට චෝදනා තියෙන හරින් ප‍්‍රනාන්දුට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැෙබිවි කියලා අපි හිතන්නේ නැහැ. මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සමෘද්ධි මුදල් තම හිතවතුන්ට බෙදා දුන්නු සජිත් පේ‍්‍රමදාසට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලැබේවි කියලා අපි හිතන්නේ නැහැ.

බැඳුම්කර සුදාලාට, නිදන් සුදාලාට, තඹ සුදාලාට, වැලි සුදාලාට, කරුංකා සුදාලාට, සමෘද්ධි සුදාලාට ‘පිරිසිදු එජාපයෙන්’ නාමයෝජනා ලබාදෙයි කියලා අපි හිතන්නේ නැහැ. නාමයෝජනා භාරදෙන දිනයේදී මේ චෝදනාවලට ලක්වූවන්ට නාමයෝජනා නොදී ‘අපි පිරිසිදුයි’ කියලා ඔප්පු කිරිමේ ඉඩකඩ එජාපයට දැන් ලැබී තිබෙනවා..."

මෙහිදී කිසිදු තැනක දූෂණ වංචා අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හා එම චෝදනා ඔප්පු වූ කිසිදු සන්ධාන මන්ත්‍රීවරයකු ගැන සඳහන් නොවෙතත් ඔහුගේ තර්කය වන්නේ එජාපය මුන්ට දෙනවා නම් අපේ උන්ට නොදී සිටීම සාධාරණ නැති බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us