News Items (18842)
නිමල්, සුසිල්, අනුර, ඩලස්, ඩිලාන් ජාතික ලැයිස්තුව ඉල්ලයි. මෛත්‍රී බෑ කියයි.
ජලය කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අපිට කුඩාකාලයේ ඉඳලම උපදෙස් ලැබෙන්නෙ පුළුවන් හැමවෙලේම වතුර බොන ලෙසයි.
ශිරාල් ලක්තිලකත් චම්පික සමඟ යයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලලා මෛත්‍රී බෑ කියලා
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක මහතා ජාතික හෙළ උරුමයේ නම මකා පිහිටවූ එක්සත් යහපාලන පෙරමුණ සමඟ එකතු වීම සඳහා මේ දිනවල චම්පික රණවක මහතා සමඟ දුරකතන සංවාදයක යෙදී සිටින බව වාර්තාවේ.
පාසල් තුළ මුදල් අය කිරීමට එරෙහිව පෙත්සමක් අත්සන් කරයි(video)
පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් අද(08) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෙත්සමක් අත්සන් කරන ලදි. ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව බණ්ඩාර පවසා සිටියේ මේ වනවිට මධ්‍යම ආණ්ඩුව විසින් පාසල්වලට ලබා දියයුතු ප්‍රතිපාදන කපා හරිමින් පාසලේ නඩත්තුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවමින් තිබෙන බවයි. මේ ආකාරයෙන් පාසල්වලට දහස් ගණන්වල සිට ලක්‍ෂ ගණන්වලින් මුදල් එකතුකිරීම නිසා දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නැතිවෙමින් පවතින අතර මේ වනවිටත් දුප්පත් පවුල් කිහිපයකම දරුවන් පාසල් යෑම නවත්තා ඇති බවත් පැවසීය. (සංජීව බණ්ඩාරගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න)
අද බොහෝ පිරිසක් ජීවත් වෙන්නෙ facebook ලෝකෙක. අල්ලපු ගෙදර එකා එක්ක කතා කරන්න වෙලාවක් නෑ.
ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට නාමයෝජනා දීමේ අවස්ථාවට හා දේශපාලන රැස්වීම් සඳහා ජනතාව සහභාගි කරවා ගැනීමට ලංගම බස් රථ ලබා නොදෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය පවසයි.
මහින්ද පටන් ගත් බව කියයි. හම්බන්තොට භීෂණය මෙන්ම නිවිතිගල මිනී මැරුමද මහින්ද සූදානම් බව සහතික කරයි. මහියංගනයේ පහරදිම තවත් එකකි. ඒ කියන්නේ මහින්දගේ පැමිණීම ජන ජිවිතයට, නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියකට තර්ජනයක් බවය. මේ සියළු තක්කඩිකම් සිද්ධ වෙන්නේ යහපාලනය අතරය. යහපාලන ආණ්ඩුවෙන් මහින්දට ලැබෙන්නේ නාම යෝජනා පමණක් නොවේ. චණ්ඩිකම් කරන අවසරයද ලබාදී ඇත. රත්නපුරේ මෛති‍්‍රගේ රැස්වීමට වෙඩි තබා මිනිසෙකු ඝාතනය කළ නියෝජ්‍ය ඇමතියාට ඇප දී නාම යෝජනා පිරිනැමීමට යහපාලන ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුවේ. එසේ නොකර එජාපය වට්ටන්න නිදහස් සංධානයට හා ශී‍්‍රලනිප නායකයක් හයියක් නැත. මහින්ද පටන් ගත් බව කියා ඇත. හා වරෙන් කියා රනිල් වික‍්‍රමසිංහ අභියෝගය භාරගෙන ඇත. එහෙත් ගමේ යූඇන්පි කාරයා ඝාතනය කරමින් සිදුකරන ඡන්දයකටත් එජාපය සූදානම් විය යුතුව ඇත. ජනවාරියේ මහින්ද පරාද කළේ එක්සත් ජාතික පක්‍ෂය බව කවුරු කවුරුත් මතක තබා ගත්තාට දෝෂයක් නැත.
තමන්ගෙම සීයලා අතින් මිණිබිරියන් අතවරයට ලක්වෙන රටක සහ ලෝකයක අපි ජීවත්වෙන්නෙ. තමන්ගෙම ලෙයින් හැදුන වැදුන දරුවෙක් ගැන හිතන්න මනුස්සකමක් නැති ලෝකයක අනුන්ගෙ දරුවෙක් හරි වෙනත් මනුස්සයෙක් ගැන හරි කතා කරන්න දෙයක් නෑ.
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.
නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා රොහල් ගත කර ඇතැයි වාර්තා වේ.
