පාසල් තුළ මුදල් අය කිරීමට එරෙහිව පෙත්සමක් අත්සන් කරයි(video)

Published in පුවත්
Wednesday, 08 July 2015 14:55

පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් අද(08) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෙත්සමක් අත්සන් කරන ලදි. ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව බණ්ඩාර පවසා සිටියේ මේ වනවිට මධ්‍යම ආණ්ඩුව විසින් පාසල්වලට ලබා දියයුතු ප්‍රතිපාදන කපා හරිමින් පාසලේ නඩත්තුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවමින් තිබෙන බවයි. මේ ආකාරයෙන් පාසල්වලට දහස් ගණන්වල සිට ලක්‍ෂ ගණන්වලින් මුදල් එකතුකිරීම නිසා දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නැතිවෙමින් පවතින අතර මේ වනවිටත් දුප්පත් පවුල් කිහිපයකම දරුවන් පාසල් යෑම නවත්තා ඇති බවත් පැවසීය. (සංජීව බණ්ඩාරගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න)

අධ්‍යාපනය සමාජයක සක්‍රීය පැවැත්ම හා සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අපහට කිසිදු වාදයක් නොමැත. දරුවෙකුට දිය හැකි වටිනාම ධනය වන්නේ අධ්‍යාපනය බවට කියමනක්ද පවතී. හොඳම දේ දරුවන්ට කියමින් බලයට පැමිනෙන සියලුම දේශපාලඥයින් හැමදාකම කලේ මැතිවරණ කාලයේ තමන්ව කර මත තබාගෙන පැමිණි ජනතාවගේ බලාපොරොත්තු විනාශ කර දැමීම පමණි. සෑම මැතිවරණයකදීම ‘නිදහස් අධ්‍යාපනය’ සියළුම ඡන්ද වේදිකාවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් විය. නමුත් සෑමදාකම සිදුවන්නේ පාසලේ නඩත්තු ගෙවීමට දරුවන්ට වතු වලට පැන පොල් සොරකම් කිරීම පමණය.

රාජපක්‍ෂ පාලන සමයේ අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල් දිනෙන් දින කප්පාදුකල බව නොරහසකි. ඒ බව නොපැකිලිව අප පවසන්නෙමු. අවසානයේ අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩිකරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවා මහපාරේ අරගල කරන්නට සිදුවිය. නිදහස් අධ්‍යාපනය මොනයම් හෝ ප්‍රමාණයකින් මේ වනවිටත් ආරක්‍ෂාවී තිබෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලය නිසා බවද අප පවසන්නෙමු. වර්තමාන යහපාලන ආණ්ඩුවේද ප්‍රධාන සටන්පාඨයක් වුයේ අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන්කිරීම සහ රාජපක්‍ෂ පාලන සමයේ අධ්‍යාපන කප්පාදුව අවසන් කිරීමයි. ජනතාවට එවැනි බලාපොරොත්තු දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවද නිදහස් අධ්‍යාපන කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියේ එල්බ සිටින බව මේවන විට දකිනට ඇත.

පසුගිය කාලයේ නොවු දේවල්ද මේ වනවිට සිදුවෙමින් පවතින බව දක්නට ඇත. ජනතාවගේ විරෝධය මත පාසල්වල දෙමාපියන්ගෙන් මුදල් අය නොකරන බවට පසුගිය ආණ්ඩුව නිකුත්කල චක්‍රලේකන පවා අහෝසිකරමින් වර්ථමාන අධ්‍යාපන අමාත්‍යවරයා චක්‍රලේකණයක් මේ වනවිට නිකුත්කර ඇත. මෙම චක්‍රලේඛණය නිසා පාසල්වලට හිතුමතේ දෙමාපියන්ගෙන් මුදල් අයකරගැනීමේ අවස්ථාව උදාකරදී තිබේ. මේ ආකාරයෙන් යහපාලනය ඇතිකරනවායැයි පවසමින් පැමිණි ආණ්ඩුවත් රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප කණගාටු වන්නෙමු. අවසානය ‘ හොඳම දේ මුදලාලිලාගේ දරුවන්ට පමනි ’ ලෙස වෙනස්වීම නොබෝ දිනකින් සිදුවන බවට පැවසිය යුතුය.

ඡායාරූප සහ සටහන -නිශාන්ත ප්‍රියදර්ශන

DNP 9320

DNP 9318

DNP 9337

DNP 9333

DNP 9385

DNP 9379

DNP 9391

DNP 9400

DNP 9399

 

pethsama01

pethsama02

pethsama03

Last modified on Wednesday, 08 July 2015 15:42

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us