ලංගම බස් දේශපාලන රැස්වීම්වලට ගත්ත කාලේ ඉවරයි

Published in පුවත්
Wednesday, 08 July 2015 14:39

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට නාමයෝජනා දීමේ අවස්ථාවට හා දේශපාලන රැස්වීම් සඳහා ජනතාව සහභාගි කරවා ගැනීමට ලංගම බස් රථ ලබා නොදෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය පවසයි.

එහෙත් පක්ෂ භේදයෙන් තොරව ඕනෑම දේශපාලන පක්ෂයකට පක්ෂ සම්මේලන සඳහා පමණක් ගාස්තු යටතේ බස් රථ ලබා දීමට ලංගමය පියවර ගෙන තිබේ.

රාජපක්ෂ අාණ්ඩුව විසින් තම පෞද්ගලික වාහන පරිහරණය කරන ස්වරූපයකින් ලංගම බස්රථ පාවිච්චි කළ අතර පොදු ජනයා වෙනුවෙන් සේවයේ යෙදවිය යුතු වාහන එසේ යොදා ගැනීම තුළින් රාජපක්ෂලාටද සෙතක් සලසා ගත නොහැකි විය.

ඉකුත් මැතිවරණයේදී ඡන්ද කටයුතු සඳහා අපේක්ෂකයන් ලබාගත් ලංගම බස්රථ සඳහා ලංගමට රුපියල් ලක්ෂ 1425 ක මුදලක් ලංගම‍ට අය වීමට ඇති අතර එම මුදල ලබා ගැනීම සඳහා නීති මගින් ක්‍රියා කරගෙන යනු ලැබේ.

වාහන පහසුකම් තබා එදා වේල හොයා ගැනීමට නොහැකි වාතාවරණයක ජනතාව පීඩා විදිද්දී රාජපක්ෂලා පොදු දේපල තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගනිමින් බලය තහවුරු කර ගෙන දිගු කල් වැජඹීමට උත්සාහ කළත් ජනතාව පවුල්පාලනයට තිත තැබීමට තරම් බුද්ධිමත් වූයේය.රාජපක්ෂලාගේ පොදු දේපල සූරා කෑම් ලංගම බස් පරිහරණයෙන් නිම නොවන අතර රාජපක්ෂලා සම්බන්ධ වංචා දූෂණ 7000ක් පමණ තොරතුරු මේ වන විට ලැබී අැතැයි පසුගිය දිනක හෙළිදරව්ව මාධ්‍ය හමුව අමතමින් අජිත් මාන්නප්පෙරුම මහතාද සදහන් කළේය.

පවතින වාතාවරණය හා පැවති වාතාවරණය පිළිබද සන්දනයක් සිදු කර ගැනීමට දැන් ජනතාවට අවස්ථාව එළඹී අැත. හොරුන් පිරිසකට නතුව ගෙවුණු අවධිය හා එම යුගයේ අදුරු සිදුවීම් වල බලපෑම අනාවරණය වී හමාරය. හොරු සමූහයක සිතුවිලි අදහස් හා හැසිරීම් ක්‍රියාකාරකම් නිමාවක් නැත.යළිත් සිදු නොකරන බවටත් එක් අවස්ථාවක් දෙන්න වැරදි හදාගන්න යැයි ඉල්ලා සිටියද ඡන්මෙට වඩා පුරුද්ද ලොකුයි යන්න අමුතුවෙන් මතක්කර දිය යුතු නැත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us