ශිරාල් ලක්තිලකත් චම්පික සමඟ යයි. ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලලා මෛත්‍රී බෑ කියලා

Published in පුවත්
Wednesday, 08 July 2015 15:35

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක මහතා ජාතික හෙළ උරුමයේ නම මකා පිහිටවූ එක්සත් යහපාලන පෙරමුණ සමඟ එකතු වීම සඳහා මේ දිනවල චම්පික රණවක මහතා සමඟ දුරකතන සංවාදයක යෙදී සිටින බව වාර්තාවේ.

එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පොරොන්දු වූවද එය ලක්තිකල මහතා විසින් ප්‍රතික්ෂේප කර 'ජාතික ලැයිස්තු' මන්ත්‍රීධුරයක් ඉල්ලා තිබේ. එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජාතික ලැයිස්තුව, ජාතික වශයෙන් වැදගත් කමක් ඇති දෙශපාලකයකුට හෝ වෘත්තීමය වශයෙන් වැදගත්කමක් තිබෙන පුද්ගලයන්ට රටේ මහජන සේවය සඳහා අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් තිබෙන බවය.

ලක්තිලක මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඉන් කළ කිරීමට පත්ව ඔහු පසු ගියදා එංගලන්තය බලා පිටත් විය. ලබන 18 වන දින යළි ඔහු දිවයිනට පැමිණීමට නියමිත අතර ඉදිරි මහ මැතිවරණයේදී චම්පික රණවක ඇතුළු කණ්ඩායමට සහය වීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටී. මෙම සාකච්ඡාවේ විශේෂත්වය නම් ලක්තිලක මහතා සමඟ පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස වාදීන් ලෙස හංවඩු ගැසුනු එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු කන්ඩායමද මෙම අලුත් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් වීමය. පසුගිය ජනාධිපතිවරණයේදිද මෙම පිරිස එක් කණ්ඩායමක් ලෙස කටයුතු කර මිතුරුකම් වර්ධනය කර ගත් පිරිසකි.

සජිත් ප්‍රෙමදාසට එජාප නායකත්වය ලබාදීම වෙනුවෙන් පෙනී සිටීම නිසා එජාප පක්ෂ සාමාජිකත්වය පවා ඔවුන්ට අහිමි විය. මේ නිසා පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාප නාම යෝජනා ද ඔවුන්ට නොලැබිණි. එහෙත් එජාප ආණ්ඩුවක් පිහි‍ටු වූවද සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ව නොසලකා හැර ඇති බැවින් මෙලෙස චම්පික රණවක ප්‍රමුඛ සන්ධානය හා එක්ව දේශපාලන කටයුතු කිරීම කෙරෙහි වඩාත් බලපා ඇතැයි ඔවුන්ගේ සමීපතම හිතවතුන් පවසති.

Last modified on Wednesday, 08 July 2015 15:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us