එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංක යුධ හමුදාවිසින් සිදු කරන ලද සටනෙදී සිදූවූ යුධ අපරාධ ගනයෙහිලා සැලකිය හැකි සිදු වීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාවේ මූලික වාර්තාවක් ලබන අගෝස්තු 21 වන දින ශ්‍රී ලංකා රජයට ලබා දෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාකිරීමට නියමිතය.

සිය නිවසේ සිටි මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා රහස් පොලිසියට අනුමැතිය දී තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරීව සිටි සුදර්මන් රදලියගොඩ මහතාට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස අලුත් පත් වීමක් ලැබී ඇති බව වාර්තාවේ. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන අහලා තියෙනවද? එය තමයි අභ්‍යවකාශයේ රැඳෙමින් අපිට විශ්වය පිළිබඳ කෙරෙන  පරීක්ෂණ සඳහා  සහාය වෙන්නෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අද දින තීරණයක කරණු ඇති බව එම පක්ෂ  ආරංචි මාර්ග සඳහන් කරයි.
යාල වනෝද්‍යානය තුල  හෝටල් හා කබානා විශල ප්‍රමානයක් පසුගිය රජපක්ෂ පාලන සමයේදී එම පවුලේ සාමාජිකයන් විසින් රහසිගතව ඉදිකරමීන් පැවැති බවට පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත් පතෙන් කළ හෙළි දරව් කිරීම හා  එම වනෝද්‍යානයේ තවත් පසෙක එලෙසම නීතිවිරෝධී කාබානා සකසා ඇති බව සඳහන් කරමින් අද දින පරිසර අමාත්‍යංශයට බාරදීමට ගිය පැමිණිල්ල එම අමාත්‍යංශය විසින් ප්‍රතික්ශේප කර තිබේ. 
රාජ්‍ය සේවකයන්ගෙන් යහපාලන ආණ්ඩුව පලිගන්න බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපට චෝදනා කලත් මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම රුපියල් 10000ක වැටුප් වැඩිකිරීමක් කරල තිබෙන බවත් ආණ්ඩුවක් විදිහට වැඩිම වැටුප් වැඩිවීම කලේ අපවිසින් බව අද දින (07) ඒක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක හතරේ වනාන්තර ඉඩම් කොටස් කිහිපයක් සමාගම් හතරකට මේ වනවිට පවරා ඇත.

මාධ්‍යවේදිනියක් සහ කිවිඳියක් ලෙස අපට නිතරම සයිබර් අවකාශයෙදි මුණ ගැහෙන සුරේඛා සමරසේන, සිය කුළුඳුල් නවකතාව ජුලි 09 වෙනිදා එළිදැක්වීමට නියමිතය. මේ සාකච්ඡාව, එකී සුරේඛාගේ "මේ කතාව" ගැන මෙන් ම බොහෝ තැන්වල නොකියවෙන බොහෝ ගැහැණුන්ට කීමට ඇති සහ බොහෝ ගැහැණුන්ට කිව යුතු කතා පිළිබඳව ය.

සුරේඛා අපි මෙහෙම පටන් ගත්තොත් ඔයා "මේ කතාව" හදුන්වන්නේ කොහොමද?

මම මේ කතාව හදුන්වන්නේ මේ කතාව ලෙස. මේ නවකතාවේ නම මේ කතාව. මට මේ කතාවෙන් කියන්න ඕන උනා ගැහැණුන් ගැන කතාවක්,දේශපාලන කතාවක්. නව වමේ දේශපාලනය සමග ඇයි හොදයි කම් කියන පරම්පරා දෙකක ගැහැණුන් පිළිබද කතාවක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලන සත්වයෙක් හැටියට ගැහැණිය වමේ දේශපාලනයට අනුගතවන විට ජීවන අත්දැකීම පිළිබද කතාවක්. මෙයට මගේ අත්දැකිම් හා මම ඇසුරුකළ ගැහැණුන් ගේ අත්දැකීම් පිලීබද කතාවක්.

 

Connet With Us