රජයේ සේවකයන්ට වැඩිම වැටුප් ලබාදීමක් සිදුකලේ අපි - ගයන්ත

Published in පුවත්
Monday, 06 July 2015 13:48
රාජ්‍ය සේවකයන්ගෙන් යහපාලන ආණ්ඩුව පලිගන්න බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපට චෝදනා කලත් මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම රුපියල් 10000ක වැටුප් වැඩිකිරීමක් කරල තිබෙන බවත් ආණ්ඩුවක් විදිහට වැඩිම වැටුප් වැඩිවීම කලේ අපවිසින් බව අද දින (07) ඒක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැකුවූ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා,  මේ වනවිට සෑම රජයේ සේවකයෙක්ටම එදාට වඩා අද රුපියල් 10,000ක අමතර වැටුපක් ලැබෙනවා. පවුලේ රාජ්‍ය සේවකයන් දෙදෙනෙක් ඉන්නවනම් රුපියල් 20,000ක් ලැබෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ රුපියල් මිලියනයක ස්ථාවර තැන්පතු සඳහා 15 පොලීයක් ලබාදීම අද සිද්දවනවා. 
 
එම විශ්‍රාමිකයින් ලක්‍ෂ පහකට අධික ප්‍රමානයක් ඒ ප්‍රතිලාබය ලබනවා. මේ රටේ 14 ලක්‍ෂයක රාජ්‍යසේවකයින් අතරින් කිහිපදෙනකුගෙන් මහජන මුදල් අවභාවිතය පිලිබඳව ප්‍රශ්නකිරීම් කිහිපයක් කරපු එක තමයි මේ රාජ්‍ය සේවකයන්ට හිරිහැර කරනවා ප්‍රශ්න කරනවා කියලා මහා ලොකු චිත්‍රයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මවන්න උත්සාහ කරන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සේවකයන් දන්නවා රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් කලේ අපි කියලා. 
 
මැතිවරණයේ දුන් පොරොන්දු ඉටුකලේ කව්ද කියලා රාජ්‍ය සේවකයන් දන්නවා. ලක්‍ෂ 14න් කිහිපදෙනකුගෙන් මහජනමුදල් අවභාවිතාව පිලිබඳව ප්‍රශ්නකිරීම අපේ රජයේ වගකීමක්. ජනවාරි 8වනදා පැහැදිලි ජනවරමක් ජනතාව අපට ලබාදුනේනේ වංචාව දූෂණය හොරකම පිටු දකින්න. එවැනි දේවල් සොයල බලවන්න. අපිදන්නවා පසුගිය ජනාධිපතිවරණය සමයේ හරියට තමන්ගෙ බූදලයක් කියල හිතාගෙන ජනාධිපතිවරණය කාලයේ මහජන මුදල් භාවිත කරමින් බඩු බෙදාදීම් සිදුකලේ. දැන් ඒවා පිලිබඳ ප්‍රශ්න කිරීමට සිද්දවෙලා තියෙනවා.
 
 ඒවට නියෝග දුන්නෙ කොහෙන්ද කොයි විදිහටද උපදෙස් ලැබුනෙ කියන එක පිලිබඳ ඇතැම් නිළධාරීන්ගෙන්  ප්‍රශ්න කරන්න සිදුවෙලා තියෙනවා. උපදෙස් දුන්නෙ කව්දකියල හෙලිදරව්කරගන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. 
 
ඒ නිසා කිසිම නිළධාරියෙකුට රාජ්‍ය සේවකයකුට හිරිහැරකරන අනවශ්‍ය බලපෑම් කරන ආණ්ඩුවක් නෙවෙයි ඔවුන්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ ජීවන තත්වය පිළිබඳව කල්පනාකරපු ආණ්ඩුවක් රාජ්‍ය සේවා කොමිෂන් සභා පවා ස්ථාපිත කරන්නට ස්වාධීන කොමිෂන් සභා ඇතිකරන්නට ක්‍රියාකරපු ආණ්ඩුවක් බව ඒ හිටපු ජනාධිපතිවරයාට මතක්කරල දෙන්න ඔන. 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us