පරිසර ගැටලු ගැන පැමිණිලි කිරීම සඳහා පරිසර අමාත්‍යංශය හඳුන්වා දී තිබෙන අංක 344 දරණ දුරකතනය අමතා පරිසර වේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම පැමිණිල්ල භාර දිමට අවස්ථාව ඉල්ලා තිබේ . ඒ මොහොතේදී එම නිළධාරීන් පවසා ඇත්තේ පැමිණිල්ල 'ලොකු වැඩි' බවත් ඒ බාර ගැනීමට නොහැකි බවය. ලොකු වැඩි යනුවෙන් අදහස් කර ඇත්තේ ඒ කෙලින්ම රාජපක්ෂ පවුලට සම්බන්ධ පැමිණිල්ලක් හේතුවෙනි.
කෙසේ නමුත් පරිසර අමාත්‍යංශය බාර ඇමැතිවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය . ඔහු පසුගිය දිනක පවසා සිටියේ තමන් සතුව වන විධායක බලතල පාවිච්චි කරන්නේ පරිසරය රැකීමට පමනක් බවය. එහෙත් මේවන විට පැහැදිලිවන්නේ රාජපක්ෂවරුන්ට එරෙහි පැමිණිල්ලක් බාර ගැනිමටවත් එම විධායක බලතල ප්‍රමාණවත් නැති බවය.