ශ්‍රී ලනීපය අද සන්ධානයෙන් ඉවත් වේ ?

Published in පුවත්
Monday, 06 July 2015 14:18
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අද දින තීරණයක කරණු ඇති බව එම පක්ෂ  ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ වැඩි බලය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ කණ්ඩායම විසින් නොනිල වශයෙන් මේවන විට අත්පත් කරගෙන ඇත. ඒඅනුව එම සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දීමට සිදුවනු ඇති බවත් සඳහන් වේ. එම සන්ධානයේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයා නමුදු එහි වැඩි බල තල ඇත්තේ ලේකම් වරයාටය එමෙන්ම විධායක සභාව සාම්මත කර ගන්න යෝජනාවකට සභාපතිවරයාට තනිව එරෙහිවීමෙන් පළක් නොවන බවද වර්තා වේ.
 
කෙසේනමුත් ජනාධිපතිවරයාට  ඔහුව බලයට පත් කරන ලද බලවේගවලින් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා නොදෙන බවට තීරණයක් ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයෙන් ගලවා අනෙක් මිතුරු පක්ෂ කොටස් සමඟ වෙනම තරග කිරීම සඳහා  වන සාකච්ඡාවන් මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. එහි තීරණය අද සවස දැනුම් දීමට හැකිවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සන්ධානයෙන් ඉවත්වුවහොත්  එහි ශක්තිය බිඳ වැටෙන අතර  එම තත්වය හමුවේ එම සන්ධානය හා එකව සිටින පක්ෂ කිහිපයක්ම මෛත්‍රපාල සිරිසේන මහතාට සහය වනු ඇත. මේවන විට වමාංශික පක්ෂ කිහිපයක්ම තමන් තරග වඳින්නේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම සමඟ බව මේවන විටත් හෙළිකර ඇත.
 
මේ අතර ශ්‍රී ලනිපයේ නව තත්වයන් කලමණාකරනය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතට ගෙන තිබේ. එමෙන්ම ඉන්දියානු රජයද රාජපක්ෂවරු යළි බලයට ඒම වැලැක්වීම වෙනුවෙන්  දේශපලන මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තාවේ

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us