දැන් අනාථ අපි නෙවෙයි - විමල්

Published in පුවත්
Monday, 06 July 2015 10:16
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයත් සමඟ තමන් ඇතුළු පිරිසට දේශපාලන අනාථයන් යයි කියූ පිරිසට අද සිදුව ඇත්තේ සැබැවන්ම දේශපාලන අනාථයන් වීමට යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වරවංශ මහතා පවසයි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ විමල් වීරවංශ ඇතුළු එම කණ්ඩායමට  නාමයෝජනා ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වීම හේතුවෙන් ඔහු මේ බව පවසයි. 
 
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව දුෂණ චෝදනා ලැබ තිබෙන ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව හෙළිවීමත් සමඟ  වෙනම නාම යොජනා සැකසීම එම කණ්ඩායම මේවන විට සිදු කරමින් පවතී.
 
මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී පක්ෂයේ නම සඳහන් නොවන නාම යෝජනා ලැයිස්තු දිවයිනේ දිස්ත්‍රික්ක 18කට සකස් කිරීමට  ජනාධිපති ලේකම් කාර්යාලයේ දීර්ඝ කලක් සේවය කළ කලමණාකරුවකු විසින්  සිදුකරමින් සිටියි.
 
කෙසේ නමුත් එජනිසෙන් නාම යෝජනා නොලැබුව හොත් මහින්ද රාජපක්ෂ මහතා වෙනම තරග කිරීම සිදුනොවනු ඇති බවත් එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ කණ්ඩායම වෙනම තරග කරන්නේ නම් ඊට අවශ්‍ය සහයෝගයක් ඔහු විසින් වේදිකාවට නොගොස්  ඉ‍ටු කිරීම පමණක් සිදුවනු ඇති බවත් දැන ගැනීමට තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us