අගෝස්තු 21 දා යුධ අපරාධ වාර්තාවේ සැර බලා ගන්න පුලුවන්

Published in පුවත්
Tuesday, 07 July 2015 09:35

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංක යුධ හමුදාවිසින් සිදු කරන ලද සටනෙදී සිදූවූ යුධ අපරාධ ගනයෙහිලා සැලකිය හැකි සිදු වීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාවේ මූලික වාර්තාවක් ලබන අගෝස්තු 21 වන දින ශ්‍රී ලංකා රජයට ලබා දෙන බව වාර්තාවේ.

මේ සම්පූර්න වාර්තාව සැප්තැම්බර් 23 වන දින එම කොමිසමේ සැසිවාරයේදී නිකුත් කිරීමට නියමිතය.

මහ මැතිවරණය අගෝස්තු 17 වන දිනට යොදා ගනු ලැබුවේද ඒ සැලකිල්ලට ගෙන බව වාර්තාවේ . යුද අපරාධ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ චෝදනා ලැබුවහොත් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යාහැකි නිසා එමඟින් ඔහුට ලැබෙන ප්‍රචාරක අවස්ථාව අහිමි කිරීම මෙහි අරමුණ වූ බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ 2009 වසරේ දෙමළ ඊළාම් කැරැල්ල මඩිනු ලැබුවේ සිංහල බහුතරයකගේ සහය ඇතිව වන අතර ඔහුට තවමත් සිංහල ජන සමාජයේ යම් ස්ථාවරයක් ඇති බව නොරහසකි.

පසුගිය පොහෝදින මැදමුලනෙ පැවැති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ තමන්ගේ නැවත පැමිණීම දැනුම් දෙනු ලැබුවේය.

බලශක්ති අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කරේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළත් මැතිවරණයේ දින නියම කිරීමේදී එකසත් ජාතීන්ගේ යුධ වාර්තාව නිකුත්කරන දිනයද සැළකිල්ලට ගෙන ඇති බවයි.

සැබැඳි පුවත්:

ව්‍යාජ ජිනීවා යුද අපරාධ වාර්තාවක් කරළියට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us