වැඩිපුර වතුර බොන එකත් ප්‍රශ්‍නයක්

Published in Gossip
Wednesday, 08 July 2015 16:22

ජලය කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අපිට කුඩාකාලයේ ඉඳලම උපදෙස් ලැබෙන්නෙ පුළුවන් හැමවෙලේම වතුර බොන ලෙසයි.

වතුර අපේ සෛල සජීවී තත්ත්වයෙන් තියාගන්න උදව් වෙනවා. ඒවගේම ශරීරයේ වතුර අඩු උනාම අපිව විජලනයට ලක්වෙනවා.

මේ නිසාම බොහෝ විට අපි වෙහෙස වී වැඩ කිරීමේදී ශරීරයේ ජලය අඩු වෙන බවට මතයක් පවතිනවා. මේ නිසා ක්‍රීඩකයන් ව්‍යායාමයේ යෙදෙන විට හැම වෙලාවකම වතුර බොන්න උපදෙස් ලැබෙනවා.

නමුත් නවතම අධ්‍යනයකට අනුව හෙළිව තිබෙන්නේ මේ ආකාරයට හැම වෙලේම ජලය පානය කළ යුතුයි කියන මතය පරණයි වගේම අනතුරුදායක බවයි. වෛද්‍යවරු, කායික විද්‍යාඥයන්, ක්‍රීඩා පුහුණුකරුවන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මේ නවතම සොයා ගැනීම පිළිබඳ ලෝකයට හෙළිදරව් කරනු ලැබුවා.

ඔවුන් පවසන විදිහට ශරීරය අධිකව වෙහෙසන කායික ක්‍රියාකාරකම් කිරීමේදී වැඩිපුර ජලය පානය කිරීම නවතා දැමිය යුතුයි. ඉන් අදහස් වන්නේ ඔබ තිබහක් ඇති උන විට පමණක් ජලය පානය කළ යුතු බවයි. ඒවගේම දහඩිය අඩුවෙන් දමන අවස්ථාවක තිබහක් ඇති උන විට ජලය පානය නොකර සිටීමත් වරදකි.

Clinical Journal of Sport Medicine නම් සඟරාවකට ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ විජලනය වීම වැලැක්වීම සඳහා යයි පවසමින් වැඩිපුර ජලය පානය කිරීම අනවශ්‍ය අවදානමක් දැරීමක් බවයි. ඔවුන් පවසන පරිදි ව්‍යායාම කරමින් සිටින ක්‍රීඩකයෙක් තිබහ ඇති වීමකින් තොරව ජලය පානය කරීම හරහා දාඩිය දැමීම වේගවත් වී විජලනය වීම වැඩිවේ.

වැඩිපුර ජලය පානය කිරීම මගින් මොළයේ සංකුලතා ඇතිවී කරකැවිල්ල, ඔක්කාරය වැනි රෝග තත්ත්ව ඇති විය හැකියි. එසේම 2002 වර්ෂයේ පැවති Marine Corps නම් මැරතන් තරඟාවලියෙන් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. මෙයට හේතුව ලෙස විශ්වාස කෙරෙන්නේ තරඟය තරතුර අධික ලෙස ජලය පානය කිරීම නිසා රුධිරයේ සෝඩියම් ප්‍රමාණය පහල යාමයි.

වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය සිඝ්‍රයෙන් පහල බහිනවා වගේම වකුගඩුවලට ජලය වැඩි වී පිට කිරීමේ ක්‍රියාවලිය ඇනහිටිනවා. ඒ වෙලාවට ශරීරයේ සෛල ජලය උරාගැනීම අරඹනවා. මේ තත්ත්වය නිසා ශරිරියේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉදිමිය හැකියි. විශේෂයෙන්ම මොලය ඉදිමීම හරහා කොමා තත්ත්වය හෝ මරණය පවා ඇතිවිය හැකියි.

මෙම අධ්‍යනයට අමතරව ලොයොල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ජේම්ස් වින්ගර් 2010 වසරේ British Journal of Medicine සඟරාව වෙනුවෙන් ලියපු ලිපියකට අනුව ව්‍යායාම අතර තුර ජලය පානය කිරීම සියයට සියයකින් නවතා දැමිය යුතු වෙනවා.

ඒවගේම මෙම නවතම අධ්‍යනයට අනුව ව්‍යායාම කිරීම නිසා ශරීරියේ සෝඩියම් සාන්ද්‍රණය පහළ යාමට ලක්වෙන රෝගියෙකුට වෙනත් ආකාරයකට ශරීරය විජලනයට ලක්වූ රෝගියෙකුට වඩා සේලයින් තුන් ගුණයක් වැඩිපුර ලබාදිය යුතු වෙනවා.

මේ තත්ත්වයෙන් මිදීමේ විසඳුමක් ලෙස ව්‍යායාම ඇරඹීමට පෙර ජලය වැඩිපුර පානය කරනවානම් හොඳයි. ඉන්පසු යම් තිබහක් ඇති වූ විට පමණක් ජලය පානය කිරීම වඩා හොඳයි. නැතිනම් ව්‍යායාම කර අවසන් වූ පසු පානය කරන්න.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us