හිර ඩෙනිම අවදානම්

Published in Gossip
Tuesday, 23 June 2015 16:52

මේ කාලයේ අතිශය ජනප්‍රියම විලාසිතාව ඇඟට හිර ඩෙනිම. එය ඔබගේ ශරීරයේ ලස්සන කැපී පේන්න අඳින්න සුදුසුම ඇඳුමක් තමයි.

නමුත් විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි ඇඟට හිර ඩෙනිම් නිසා සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකියි. ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් අධික හිර ඩෙනිමක් පැය ගණනක් හැඳ  සිටීම නිසා කකුල්වලට ලේ ගමනා ගමනයට බාධා සිදු වී දින ගණනාවක් ප්‍රතිකාර ගැනීමට සිදු වී තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන පරිදි ඇගේ නහර සහ මාංශ පේශිවලට විශාල හානියක් සිදුව තිබෙනවා. එම කාන්තාව දවස පුරාම ඇඟට හිර ඩෙනිමක් හැඳ දවසේ වැඩ කටයුතු වල නිරත වී තිබෙනවා වගේම  උත්කුටියෙන් වාඩිවී සිට තිබෙනවා .

ඉන්පසු කකුල් වල හිරි ගතියක් සහ ඇවිදීමට නොහැකි වීම නිසා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.

වෛද්‍යවරුන් පවසන පරිදි උත්කුටිකව එහෙම නැත්තම් බිම ඇනතියාගෙන වාඩිවී සිටීම හේතුවෙන් කකුලේ පහළ කොටසේ නහර හැකිලී බත් කෙන්ඩ ප්‍රදේශයේ  ලේ ගමනාගමනයට බාධා පැමිණෙනවා.හිර ඩෙනිමක් ඇඳීම නිසා මේ තත්ත්වය තවත් දරුණු වෙනවා.

රෝගී වූ කාන්තාව කකුල් හිරිවැටීම නිසා බිම ඇදවැටී ඇති අතර කිසිවෙකු දැකීමට පෙර පැය කිහිපයක් බිම වැතිර සිට තිබෙනවා. රෝහලට ඇතුලත් කිරීමෙන් පස්සෙ රෝහල් සේවකයන්ට ඩෙනිම කපලා තමා ප්‍රතිකාර කරන්න සිදුවෙලා තියෙන්නෙ.

දින හතරක නේවාසික ප්‍රතිකාර වලින් පසුවත් ඇය ඇවිදීමේ අපහසුවකින් පෙළුණු බව පැවසෙනවා.

ඉතා ජනප්‍රිය විලසිත්වක් වුවත් එය හානිදායක නම් එය අනුගමනය නොකර සිටීම වඩා හොඳ බවයි වෛද්‍ය මතය.

Leave a comment

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us