නමුත් kiss කිරීම සත්ව ලෝකය තුළ දැකගන්නට හැකි දුර්ලභ සිදුවීමක් වන බවද සැලකේ. සත්වයින් kiss කිරීමට නොපෙළඹෙන්නේ ඒ හරහා ඔවුන්ට කිසිදු පණිවිඩයක් හුවමාරු කර ගැනීමට නොහැකි නිසාවෙනි.
මෑතකදී සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙන්නේ ලොවපුරා තිබෙන සංස්කෘතීන් 168 කින් සියයට 46 ක් තුළ පමණක් ප්‍රේමාන්විත හැගීම් හුවමාරු කරගැනීම උදෙසා kiss කරන බවයි. බොහෝ ගෝත්‍රයන් තුළ කිස් කිරීම යන්න සිදුනොවන බවත් සමහර ගෝත්‍රයන් තුළ මෙය පිළිකුල් දනවන කටයුත්තක් ලෙසද හදුන්වන බවද සැලකේ. බ්‍රසීලයෙහි සිටින "මිහිනකු" (Mehinaku) ගෝත්‍රය කිස් කිරීම යන්න සලකන්නේ ඕලාරික ක්‍රියාවක් ලෙසිනි.
මෙම kiss කිරීම යන්න බටහිර සමාජයන් තුළින් පැතිරුණු කාර්යයක් ලෙස පෙනුණත් එය පරම්පරාවන් තුළින් පැතිර ගිය ක්‍රියාවක් බව නෙවාඩා විශ්ව විද්‍යාලයේ සිටින ලේඛකයකු වන විලියම් ජන්කොවික් පවසා සිටියි. මේ පිළිබදව තිබෙන පැරණිතම සාක්ෂිය වන්නේ මීට අවුරුදු 3500 කට එපිටින් සංස්කෘත භාෂාවෙන් ලියැවුණු කෘතියක් තුළය. එහිදී kiss කිරීම පැහැදිලි කර ඇත්තේ එකිනෙකා ආත්මය ආඝ්‍රාණය කිරීමක් බවයි. චිම්පන්සින්ගේ චර්යාවන් තුළද සිපගැනීම දැකගත හැකි වුවත් එය ප්‍රේමාන්විත හැගීමකින් කරන චර්යාවක් බව නොකියවේ. එමෙන්ම එම පවුලේම තවත් සත්ව පිරිසක් වන 'බොනොබෝස්' සතුන් ඉහළ ලිංගික හැගීමකින් යුක්ත සතුන් බවත් සිපගැනීම්වලදී ඔවුන් දිව පවා භාවිත කරනු ලබන බවත් පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත.
එකිනෙකා සිපගැනීම විටෙක ආගන්තුක හැගීමක් ද විටෙක ප්‍රේමෝන්මාදය ඇතිකරවන්නක් ද විය හැකියි. සිප වැළද ගැනීමකදී එකිනෙකා අතර හුවමාරු වන ඛේටය පවා විටෙක ආගන්තුක විය හැකි බව ද එක් සිපවැළද ගැනීමකින් මිලියන 80 ක පමණ බැක්ටීරියාවන් හුවමාරු විය හැකි බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
උපුටාගැනීම : සත්හඬ