හෙතෙම මේ බව පවසා සිටියේ පසුගියදා (22 වැනිදා) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය අවම කිරීම සඳහා වූ සමාරම්භක රැස්වීමට එක් වෙමිනි.
මෙහිදී හෙතෙම පැවැසූයේ පසුගිය වසරේදී පමණක් ජලභීතිකාව හේතුවෙන් පුද්ගල මරණ දාහතරක් වාර්තා වී ඇති බවයි.
මෙරට ජලභීතිකා රෝගය බෝවීම සඳහා සියයට අනූ අටක්ම හේතුවී ඇත්තේ සුනඛයන් වන අතර සුනඛයන් වෙනුවෙන් රුපියල් බිලියන පහකට අධික මුදලක් වාර්ෂිකව රජය මගින් වැයකරයි.
මේ වන විටත් රත්නපුර කුරුණෑගල, යාපනය, කොළඹ දිස්ත්‍රික්කය ජලභීතිකා රෝගය අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන තිබේ.
ජලභීතිකා රෝගය බෝවීම ප්‍රධානම හේතුව සුනඛයන් වන අතර බළලා, ගවයා, ලේනා වැනි සෙසු ක්ෂීරපායී සතුන් හේතුවෙන් ජල භීතිකාව ඇති වීමේ ප්‍රවණතාවය සියයට දෙකක් වේ.
මෙරට සෑම මිනිසුන් අට දෙනකුටම සුනඛයෙක් සිටින බව පැවැසූ ඒ මහතා කියා සිටියේ ජලභීතිකාව ගෘහාශ්‍රිත සුනඛයන් නිසා සිදුවීම ඉහළ බවයි.
සතුන් සපා කෑම හේතුවෙන් මිනිසුන් එන්නත් කිරීමට රුපියල් මිලියන 4000ක් වැය වන අතර එක් සුනඛයකු එන්නත් කිරීම සඳහා රුපියල් 3500 ක මුදලක් වැය වේ.

